Tuesday, April 21, 2026

විදේශීය පුවත්

අවන්හල් හිමිකරුවෙකුට ඩොලර් 40,000ක දඩයක්

ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයේ අවන්හලක රාජකාරි කරමින් සිටි සේවකයෙකුගේ දකුණු අත ආහාර ඇඹරුම් යන්ත්‍රයකට හසුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම අවන්හලේ හිමිකරුට ඔස්ට්‍රේලියානු ඩොලර් 40,000ක දඩ මුදලක් නියම කර තිබෙනවා. 31 හැවිරිදි අදාළ තරුණයා යන්ත්‍රය ආධාරයෙන් ආහාර මිශ්‍ර කරමින් සිටියදී එලෙස අනතුරට ලක්ව...

ස්මාර්ට් මෝටර් රථ තහනම් කිරීමට එක්සත් ජනපද යෝජනාවක්

ජාතික ආරක්ෂක ගැටළු හේතුවෙන් නිශ්චිත චීන හෝ රුසියානු තාක්ෂණය භාවිතා කරන ස්මාර්ට් වාහන විකිණීම හෝ ආනයනය කිරීම තහනම් කිරීමට අමෙරිකානු වාණිජ දෙපාර්තමේන්තුව යෝජනා කර තිබෙනවා. ඒ අනුව මාධ්‍යවේදීන් අමතමින් අමෙරිකානු වාණිජ ලේකම් ජිනා රයිමන්ඩෝ පවසා තිබුණේ, පෙබරවාරි මාසයේ ආරම්භ කරන...

ලෙබනනයේ පුද්ගලයන් 492ක් ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ජීවිතක්ෂයට

ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායල විසින් එල්ල කරන ලද දැඩි සහ පුළුල් පරාසයක ගුවන් ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයන් 492 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එමෙන්ම එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ, මෙය වසර 20කට...

අමෙරිකාවෙන් චීනය ගැන පරීක්ෂණයක්

යුරේනියම් ආනයනය කිරීම සහ තමන්ගේම නිෂ්පාදනය අපනයනය කිරීම මගින් චීනය රුසියාවේ න්‍යෂ්ටික කර්මාන්තයට සහය දක්වන්නේ දැයි අමෙරිකානු රජය විමර්ශනය කරමින් සිටින බව රොයිටර් පුවත් සේවය පවසනවා. යුක්රේනයට එරෙහි රුසියාවේ යුද්ධයට අරමුදල් සැපයීමට ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට ඇති හැකියාව කඩාකප්පල් කිරීමේ අමෙරිකානු...

දකුණු ලෙබනනයට ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාරයක්

ඊශ්‍රායලය විසින් දකුණු ලෙබනන‍යට මාරාන්තික ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා. එම ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් 100 දෙනෙකු මියගිය බවයි විදෙස් මාධ්‍ය පවසා සිටින්නේ. ඊශ්‍රායල හමුදාව පැවසුවේ හිස්බුල්ලා සංවිධානයට සම්බන්ධ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරන බවයි. හිස්බුල්ලා රොකට් ප්‍රහාර එල්ල කළේ සිකුරාදා බේරූට් උප නගරයකට...

පිළිකා ප්‍රතිකාරවලින් පසු කේට් කුමරිය ප්‍රසිද්ධියේ

විලියම් කුමරුගේ ආර්යාව වන කේට් මිඩ්ල්ටන් කුමරිය මාස හයක කාලයක් පිළිකා ප්‍රතිකාරවලට ලක්වීමෙන් පසු පළමු වරට ප්‍රසිද්ධියේ පෙනී සිට තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ අනුව කේට් කුමරිය, ස්කොට්ලන්තයේ බැල්මොරල් වතුයාය අසල පල්ලියේ දේව මෙහෙයකට සහභාගි වූ බවයි. එම අවස්ථාවට තුන්වන...

තමන් පරාජය වුවහොත් යළි ජනාධිපතිවරණයක් සඳහා ඉදිරිපත් නොවේ

නොවැම්බර් මස පැවැත්වෙන ජනාධිපතිවරණය තමන් පරාජය වුවහොත් යළි ජනාධිපතිවරණයක් සඳහා ඉදිරිපත් නොවන බව ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියේ මේ ඔහුගේ තරඟ කරන අවසන් ජනාධිපතිවරණ වන බවයි. ට්‍රම්ප් පවසන්නේ තමන් පැරදුණහොත් 2024 දිවීම...

නිවසක් කඩා වැටීමෙන් එකම පවුලේ සිව් දෙනෙකු ජීවිතක්ෂයට

දකුණු ඉතාලියේ ගෑස් පිපිරීමක් නිසා කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු එකම පවුලේ සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. නේපල්ස් අසල සැවියානෝ නගරයේ පිහිටි දෙමහල් නිවසක් පිපිරීමෙන් එම නිවස අර්ධ වශයෙන් කඩා වැටුණු අතර, පිරිමි ළමයෙකු, ගැහැණු ළමයෙකු, ඔවුන්ගේ මව සහ මිත්තනිය මෙසේ...

ගල් අඟුරු ආකරයක පිපිරීමක් – 51ක් මරුට

ඉරානයේ දකුණු කොරාසාන් පළාතේ ගල් අඟු‍රු ආකරයක සිදුවූ පිපිරීමකින් 51 දෙනෙකු මියගොස් තිබෙනවා. මීතේන් වායුව කාන්දුවීමෙන් මෙම පිපිරීම සිදුවුණා. තවත් විසි දෙනෙකු පමණ එහිදී තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. source :- https://tinyurl.com/3ktd9bss

ඉෂිකාවා වෙරළබඩ ප්‍රදේශයට වතුර සහ නායයෑමේ අවදානමක්

ජපානයේ ඉෂිකාවා වෙරළබඩ ප්‍රදේශයට බලපා ඇති ගංවතුර සහ නායයෑම් හේතුවෙන් එම ප්‍රදේශයේ පුද්ගලයින් 40,000 කට වැඩි පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දී තිබෙනවා. අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ එක් අයෙකු මියගොස් තවත් විශාල පිරිසක් අතුරුදන්ව ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.‍ මේ...
statistics