Tuesday, April 21, 2026

විදේශීය පුවත්

හිස්බුල්ලා සටන්කාමීන්ට පහරදීමට ඊශ්‍රායලය සැරසේ

ඇමරිකාව, බ්‍රිතාන්‍යය ඇතුලු තවත් රටවල් කිහිපයක් සටන් විරාමයකට එකඟවන ලෙස ඉල්ලීම් සිදුකළද ලෙබනනයේ සිටින හිස්බුල්ලා සටන්කාමීන්ට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරන ලෙස ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු තම හමුදාවට නියෝග කර තිබෙනවා. ඒ අනුව ඊයේ දිනයේද ඊශ්‍රායලය ලෙබනනයට ගුවන් ප්‍රහාර එල්ල කර...

තායිවානයට උඩින් චීනය රොකට්ටුවක් යවයි

චන්ද්‍රිකාවක් රැගත් චීන රොකට්ටුවක් අඟහරුවාදා උදෑසන තායිවානයේ ගුවන් ආරක්ෂක හඳුනාගැනීමේ කලාපයේ (ADIZ) නැගෙනහිර කොටස හරහා ගමන් කළ බව තායිවාන පුවත් සේවය වාර්තා කරනවා. ඒ අනුව තායිවානයේ ජාතික ආරක්ෂක අමාත්‍යාංශය පවසා තිබුණේ අදාළ රොකට්ටුව ෂැන්සි හි Taiyuan චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන්...

සුළි කුණාටු හේතුවෙන් අමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයකට හදිසි තත්ත්වයක්

දැඩි සුළි කුණාටු අවදානමක් හේතුවෙන් අමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයකට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එරට ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය සඳහන් කළේ ෆ්ලොරිඩා, ජෝර්ජියා, උතුරු කැරොලිනා, දකුණු කැරොලිනා සහ වර්ජිනියා යන ප්‍රාන්තවලට මෙම සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල විය හැකි බවයි. හෙලේන් ලෙස...

වසර 80,000කට පමණ පෙර දිස්වූ වල්ගා තරුවක් හෙට නැගෙනහිර අහසේ

වසර 80,000කට පමණ පෙර පෘථිවියට දිස්වූ වල්ගා තරුවක් හෙට නිරීක්ෂණය කළ හැකි බව, තාරකා විද්‍යාඥයින් පවසනවා. අභ්‍යවකාශ විද්‍යාඥ ගිහාන් වීරසේකර කියා සිටියේ, සී 2023 ඒ 3 නමින් හදුන්වන මෙම වල්ගා තරුව හෙට අලු‍යම 5 ට පමණ නැගෙනහිර අහසේ ක්ෂිතිජයට ආසන්නයේදී...

ඉන්දියාවේ පුද්ගලයන් සිව් දෙනෙකුට දිවි අහිමි වෙයි

ඉන්දියාවේ මුම්බායි වෙත ඇද හැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හටගත් ගංවතුර නිසා පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ හේතුවෙන් එම ප්‍රදේශයේ පාසල් වසා දැමීමටද රජය කටයුතු කර තිබෙනවා. ඊයේ සවස් කාලය වනවිට මුම්බායිහි ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 275 පමණ...

න්‍යෂ්ථික අවි භාවිතයට රුසියාව තුළ නව නීති

සිය රටෙහි න්‍යෂ්ථික අවි භාවිතා කිරීමේදී අනුගමනය කරන නීති රිති වෙනස් කරන බවට රුසියානු ජනාධිපති වැලැදිමියර් පුටින් පවසනවා. ඔහු කියා සිටියේ, න්‍යෂ්ථික අවි නොමැති යුක්රේනය ඇතුලු න්‍යෂ්ථික අවි භාවිතා කරන බටහිර රටවල් රුසියාවට එරෙහිව සිදු කරන ක්‍රියාකාරකම් තම රටට එරෙහිව...

සබ්මැරීනයේ සුන්බුන්වලින් එළිවන අබිරහස

පසුගිය වසරේ ජූනි දහඅට වනදා ටයිටැනික් නෞකාවේ සුන්බුන් සෙවීමට ගිය ටයිටන් සබ්මැරීනයේ සුන්බුන් සොයා ගැනීමට හැකිව තිබෙනවා. දින පහක මෙහෙයුමක් අවසන් කරමින් කැනේඩියානු සෙවුම් යාත්‍රාවක් යොදවා රොබෝ යන්ත්‍රයක් මගින් උතුරු අත්ලාන්තික් සාගර පතුලේ තිබූ මෙම සුන්බුන් සොයාගනු ලැබුවා. මෙම සුන්බුන් මඟින්...

6 හැවිරිදි දැරියව විදුහල්පතිවරයෙක් ඝාතනය කරයි

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ඩාහෝඩ් දිස්ත්‍රික්කයේ හය හැවිරිදි දැරියකට ලිංගික අතවර කිරීමට ගත් උත්සාහයට විරුද්ධ වීම නිසා ඇයගේ පාසලේ විදුහල්පතිවරයා විසින් ඇයව හුස්ම සිරකර මරා දමා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. පසුව ඔහු ඇගේ සිරුර පාසල් පරිශ්‍රය තුළත් ඇගේ බෑගය...

සමලිංගික විවාහ පනතට තායි රජු අත්සන් තබයි

තායිලන්තයේ රජු විවාහ සමානාත්මතා පනත් කෙටුම්පතකට අත්සන් කර ඇති අතර, සමලිංගික සංගම් පිළිගත් අග්නිදිග ආසියාවේ පළමු රට බවට ඒ අනුව තායිලන්තය පත්වුණා. පනත ජුනි මාසයේදී සෙනෙට් සභාව අනුමත කළ නමුත් නීතියක් බවට පත්වීමට රාජකීය අනුමැතිය අවශ්‍ය වුණා. එය අඟහරුවාදා රාජකීය ගැසට්...

පාකිස්ථානයට සෞදි අරාබියෙන් අනතුරු ඇගවීමක්

ආගමික වන්දනාවට බව පවසමින් සිය රටට පැමිණෙන පාකිස්ථාන යාචකයින් දිනෙන් දින ඉහළ යාම සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස සෞදි අරාබිය පාකිස්තානයට අනතුරු අගවා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත්තේ එම තත්ත්වය පාලනය නොකළහොත් එය පාකිස්තානයේ උම්රා සහ හජ් වන්දනාකරුවන්ට අහිතකර...
statistics