ඇමරිකාව, බ්‍රිතාන්‍යය ඇතුලු තවත් රටවල් කිහිපයක් සටන් විරාමයකට එකඟවන ලෙස ඉල්ලීම් සිදුකළද ලෙබනනයේ සිටින හිස්බුල්ලා සටන්කාමීන්ට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරන ලෙස ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු තම හමුදාවට නියෝග කර තිබෙනවා.

ඒ අනුව ඊයේ දිනයේද ඊශ්‍රායලය ලෙබනනයට ගුවන් ප්‍රහාර එල්ල කර ඇති අතර, ඉන් අනූ දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

පසුගිය සඳුදා සිට ඊයේ දිනය දක්වා සිදුකළ ප්‍රහාරවලින් 600 කට ආසන්න පිරිසක් මියගොස් තිබෙනවා.

source :- https://tinyurl.com/mryj6tpy

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here