
එමෙන්ම තවත් 40කට වැඩි පිරිසක් සිරවී සිටින බව ද ඉන්දීය මාධ්‍ය පවසනවා.
ජලාවර් දිස්ත්‍රික්කයේ රජයේ පාසලක තනි මහල් ගොඩනැගිල්ලක් මෙලෙස කඩාවැටී ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේ ගුරුවරුන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින්ට අමතරව ළමුන් 40 දෙනෙකු පමණ සිට ඇත.
එම ගොඩනැගිල්ල අබලන් තත්ත්වයේ තිබූවක් වන අතර, ඒ සම්බන්ධයෙන් මීට පෙර පැමිණිලි කිහිපයක්ද ලැබී තිබූ පසුබිමකම මෙම අනතුර සිදුව තිබෙනවා.









