ලබන සතිය වනවිට වෙළෙඳපොළට දේශීය රතු කැකුළු සහල් තොග පැමිණෙනු ඇති බව පිටකොටුවේ සහල් තොග වෙළෙඳුන් පවසනවා.

දිවයිනේ ප්‍රදේශ රැසකම මේ වන විට රතු කැකුළු සහල්වල හිගයක් වාර්තා වන අතර එවැනි පසුබිමකයි තොග වෙළෙඳුන් මේ බව ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත්, පසුගිය ආණ්ඩුව විසින් ජනාධිපතිවරණයට පෙර රතු කැකුළු සහල් කිලෝ ග්‍රෑම් 20 බැගින් ජනතාවට බෙදා හැරීම වර්තමානයේ පවතින රතු කැකුලු සහල් හිගයට හේතුව බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ යළි ප්‍රකාශ කළා.

ඒ, එම අමාත්‍යාංශයේදී ඊයේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කරමින්.

source :- https://tinyurl.com/4cpx2c46

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here