ICC 19න් පහළ කාන්තා T20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව මැලේසියාවට එරෙහිව ලකුණු 139ක ජයග්‍රහණයක් අද (19) ලබා ගනු ලැබුවා.

එහිදී පිළිතුරු ඉනිමට පන්දුවට පහරදුන් මැලේසියාවට පන්දුවාර 14යි එක් පන්දුවක් අවසානයේ සියල්ලන් දැවී රැස්කරගත හැකි වුණේ ලකුණු 23ක් පමණයි.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 06ක් දැවී ලකුණු 162ක් රැස් කරගනු ලැබුවා.

එහිදී අගනා පිතිකරණයක නිරත වූ දැහැමි සෙනෙත්මා අර්ධ ශතකයක් සමගින් ලකුණු 55ක් රැස් කළා.

සංජනා කාවින්දි ලකුණු 30ක්ද, නායිකා මනුදි නානායක්කාර ලකුණු 14ක්ද, හිරුණි හංසිකා ලකුණු 28ක්ද ශ්‍රී ලංකාව වෙනුවෙන් රැස් කළා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ චමෝදි ප්‍රබෝදා කඩුළු 03ක්ද, මනුදි නානායක්කාර සහ ලිමංසා තිලකරත්න කඩුළු 02 බැගින්ද, රශ්මිකා සෙව්වන්දි එක් කඩුල්ලක්ද දවා ගත්තා.

source :- https://tinyurl.com/8ffj39jn

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here