මීගහකිවුල ප්‍රදේශයේ සැරිසරන බව කියන අත්භූත කාන්තා රුවක් නිසා ප්‍රදේශවාසීන් භීතියට පත්ව ඇති පුවතක් වාර්තා වනවා.

සවස් යාමයේ හා රාත්‍රී කාලයේදී අතුරු මාර්ගවල යන එන මිනිසුන් හා ත්‍රිරෝද රථ පසුපස මේ කාන්තා රුව හඹා යන බවයි පැවසෙන්නේ.

මේ හේතුවෙන් මීගහකිවුල, පහළගෙදර හා ඒ අවට ප්‍රදේශවල ජනතාව භීතියකට පත්ව සිටින බවයි අප වාර්තාකරු පවසන්නේ.

එම ප්‍රදේශයේ අතුරු පාරවල් කිහිපයකදීම මෙම අද්භූත රුව දුටු ත්‍රි රෝද රථ රියදුරන් ඇතුළු ගම්වාසීන් සිටින බව ප්‍රදේශවාසීන් පවසනවා.

නමුත් මේ වනතුරු මෙම අද්භූත රූපයෙන් කිසිවකුටත් හානියක් සිදුව නැති බවත් පැවසෙනවා.

ජනතාව බියට පත් කරමින් යමෙක් කිසියම් සොරකමකට හෝ අපරාධයකට සැරසෙමින් සිටින්නේද යන්න ගැන ප්‍රදේශවාසීන් සැක පලකරනවා.

source :- https://tinyurl.com/5a4rh5w6

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here