
පන්නල, කංකානියම්මුල්ල රක්ෂිතයේ තිබී මියගිය තරුණ යුවලකගේ සිරුරු දෙකක් අද (19) පෙරවරුවේ හමුවී තිබෙනවා.
එහිදී මළ සිරුරු ආසන්නයේ තිබී ඔවුන් පැමිණි බවට සැක කෙරෙන යතුරුපැදියක් හමුව තිබෙන බවයි පන්නල පොලිසිය පවසන්නේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 37ක පුරුෂයෙක් හා අවුරුදු 32ක කාන්තාවක්.

ස්ථානීය ලක්ෂණ අනූව මරණයට හේතුව වස පානය කිරීමක් බවයි පොලිසිය සැක පල කරන්නේ.
මෙම පුරුෂයා යුද හමුදා සාමාජිකයෙකු බවත් කාන්තාව ගුරුවරියක බවටත් තොරතුරු හෙළිව තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පන්නල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.
source :- https://tinyurl.com/ycx7nbha







