
දිවයිනේ පළාත් කිහිපයකටම බලපා ඇති වර්ෂාපතනය හමුවේ ජලාශ කිහිපයකම වාන් දොරටු විවෘත කර තිබෙනවා.
ඒ අනුව රාජාංගන ජලාශයේ වාන් දොරටු තිහෙන් වාන් දොරටු 10 ක් මේ වන විට විවෘත කර ඇති අතර ඉන් තත්පරයට ඝණ අඩි 12,063ක ජල ධාරිතාවක් කලාඔයට මුදාහැරෙන බවයි ජලාශභාර ඉංජිනේරුවරයා සදහන් කළේ.
මේ අතර උල්හිටිය රත්කිඳ ජලාශයේ සියලු වාන්දොරටු මීටර් දෙක බැගින් විවෘත කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පැවසුවේ ජලගැලීම් හේතුවෙන් සෝමාවතිය – සුංගාවිල මාර්ගයේ 36 කණුව අසළින් සහ අවුකන – කැකිරාව මාර්ගය අවුකන විහාරස්ථානය අසළින් මාර්ග අවහිර වී ඇති බවයි.
source :- https://tinyurl.com/2p92djab







