
චන්ද්‍රිකාවක් රැගත් චීන රොකට්ටුවක් අඟහරුවාදා උදෑසන තායිවානයේ ගුවන් ආරක්ෂක හඳුනාගැනීමේ කලාපයේ (ADIZ) නැගෙනහිර කොටස හරහා ගමන් කළ බව තායිවාන පුවත් සේවය වාර්තා කරනවා.
ඒ අනුව තායිවානයේ ජාතික ආරක්ෂක අමාත්‍යාංශය පවසා තිබුණේ අදාළ රොකට්ටුව ෂැන්සි හි Taiyuan චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් එරට වේලාවෙන් ඊයේ පෙරවරු 10:33ට දියත් කළ බවයි.
චන්ද්‍රිකාව දකුණු දෙසින් කහ මුහුද දෙසට පියාසර කර, නැගෙනහිර තායිවානයට ඉහළින් පියාසර කර, පසුව පිලිපීනයට නැගෙනහිරින් පිහිටි සාගර කලාපයට ඉහළින් ගමන් කළ බව ද තායිවාන ආරක්ෂක අමාත්‍යංශය පැවසුවේ.

රොකට්ටුවේ උන්නතාංශය වායුගෝලයෙන් පිටත තිබූ බවත් තායිවානයට කිසිදු තර්ජනයක් එල්ල නොවූ බවත් එම අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබෙනවා.
මේ අතර තායිවානයේ ආරක්ෂක අමාත්‍යංශය පවසා තිබුණේ චීනය රොකට්ටුව දියත් කිරීම පිළිබඳ නිරීක්ෂණය කර සුදුසු පූර්වාරක්ෂක පියවර අනුගමනය කළ බවයි.
ඊට අමතරව තායිවානයේ ජාතික ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේ සඳුදා උදෑසන 6 සිට අඟහරුවාදා උදෑසන 6 දක්වා වූ කාලය තුළ තායිවානය අවට චීන නාවික යාත්‍රා හයක් යාත්‍රා කරනු නිරීක්ෂණය කළ බවයි.
source :- https://tinyurl.com/529d3zux








