
පසුගිය වසරේ ජූනි දහඅට වනදා ටයිටැනික් නෞකාවේ සුන්බුන් සෙවීමට ගිය ටයිටන් සබ්මැරීනයේ සුන්බුන් සොයා ගැනීමට හැකිව තිබෙනවා.
දින පහක මෙහෙයුමක් අවසන් කරමින් කැනේඩියානු සෙවුම් යාත්‍රාවක් යොදවා රොබෝ යන්ත්‍රයක් මගින් උතුරු අත්ලාන්තික් සාගර පතුලේ තිබූ මෙම සුන්බුන් සොයාගනු ලැබුවා.
මෙම සුන්බුන් මඟින් සාමාජිකයින් පස් දෙනාගේම මරණය පිළිබඳ අවසන් සාක්ෂිය ලබාදෙන බවයි වෙරළාරක්ෂක බලකාය පවසන්නේ.

ඉතාමත් ව්‍යවසනකාරී ලෙස මෙය පුපුරා ගිය මෙම සබ්මැරීනයේ සිට ජීවිතක්ෂයට පත්වූයේ බ්‍රිතාන්‍ය ජාතික ප්‍රකෝටිපති ගවේෂකයෙකු වන හේමිෂ් හාඩින්ග් (58), බ්‍රිතාන්‍ය-පාකිස්ථාන ජාතික පිය පුතු දෙපොළක් වන ෂෙහෙසාදා ඩවූඩ් (48) හා සුලේමාන් ඩවූඩ් (19), සාගර විද්‍යාඥ හා ගවේෂක පෝල්-ඕන්රි නාජලෙට් (77) හා ඕෂන්ගේට් ප්‍රධාන විධායක නිලධාරී ස්ටොක්ටන් රෂ් (61) ය.
එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය මාධ්‍ය හමුවකදී ප්‍රකාශකර සිටියේ, ‘ව්‍යසනකාරී ලෙස සබ්මැරීනය අභ්‍යන්තරයට හැකිලී යාම’ හේතුවෙන් එහි ගමන් ගත් සියලු දෙනා මරණයට පත්වූ බවයි.
එහිදී අදහස් දැක්වූ රියර් අද්මිරාල් ජෝන් මෝගර් කියා සිටියේ ටයිටැනික් නැවේ සුන්බුන් අසල සිට දළ වශයෙන් අඩි 1600 ක් පමණ දුරින් ටයිටන් සබ්මැරීනයේ කොටස් හමු වූ බවත් එය ඇදහිය නොහැකි තරම් සංකීර්ණ පරිසරයක මෙය සිදුව ඇති බැවින් මඟීන්ගේ සිරුරු ගොඩගැනීමට හැකිද යන්න තහවුරු කළ නොහැකි බවත් ය.
“මෙම අතිශය ඛේදජනක කාලය තුළ අපේ හදවත් ඔවුන් පස්දෙනා සහ ඔවුන්ගේ පවුල්වල සෑම සාමාජිකයෙකුම සමගයි” යාත්‍රාවේ ක්‍රියාකරු වන ඕෂන්ගේට් සමාගම මීට පෙර පවසා සිටියා.
කිමිදීම අරඹා පැයකුත් මිනිත්තු 45කට පමණ පසු එම කුඩා සබ්මැරීන යාත්‍රාව සමග පැවැති සබඳතා බිඳවැටුණුබව එක්සත් ජනපද වෙරළාරක්ෂක සේවාව පවසා සිටියේ.
මීටර 3800ක ගැඹුරේ පිහිටි නෞකා සුන්බුන් වෙත කිමිදීම ද ඇතුළු දින අටක සංචාරයක් සඳහා වන ටිකට්පතෙහි මිල ඩොලර් 250 000ක්.
source :- https://tinyurl.com/yhvprfnb








