ෆිච් රේටින්ස් ආයතනය නිකුත් කළ, ශ්‍රේණිගත කිරීම් දැක්වුණේ ජනපතිවරණයේ ප්‍රතිඵලය ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිමය දිශානතියට අවිනිශ්චිතතාවයක් එක් කරන අතර ණය ප්‍රතිව්‍යුහගතකීරීම හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන් නැවත සාකච්ඡා කිරීම ප්‍රමාද කිරීමටද හේතුවිය හැකි බවයි.

මේ අතර, කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල අද දිනයේත් කැපී පෙනෙන ඉහළ යෑමක් දක්නට ලැබෙනවා.

සියලු‍ කොටස් මිල දර්ශකය ඒකක 325.59 කින් ඉහළ ගොස් දිනය නිමාවන විට සටහන් වූයේ ඒකක 11,659.71 ක් ලෙසයි.

එස් ඇන්ඩ් පී ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 132.23 කින් ඉහළ ගොස් ඒකක 3,367.45 ක් ලෙස සටහන් වුණා. සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 3.9ක්.

source :- https://tinyurl.com/3k6uyf4e

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here