ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයේ අවන්හලක රාජකාරි කරමින් සිටි සේවකයෙකුගේ දකුණු අත ආහාර ඇඹරුම් යන්ත්‍රයකට හසුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම අවන්හලේ හිමිකරුට ඔස්ට්‍රේලියානු ඩොලර් 40,000ක දඩ මුදලක් නියම කර තිබෙනවා.

31 හැවිරිදි අදාළ තරුණයා යන්ත්‍රය ආධාරයෙන් ආහාර මිශ්‍ර කරමින් සිටියදී එලෙස අනතුරට ලක්ව ඇති බව සදහන්.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකල විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අදාළ අවන්හලේ එම යන්ත්‍රය භාවිත කිරීමෙදී කිසිදු ආරක්ෂිත ක්‍රමවේදයක් අනුගමනය කර නොමැති බවයි.

ඒ අනුව එම අවන්හල වරද පිළිගෙන ඇති අතර මෙල්බර්න් අධිකරණය මගින් මෙලෙස දඬුවම් නියම කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

source :- https://tinyurl.com/2s3mum8y

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here