
ප්‍රධානපෙළේ රාජ්‍ය බැංකුවක සේවකයෙකු රුපියල් දෙකෝටි හැත්හතෑ හතර දහසක මුදලක් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියට අදාළව විධිමත් විමර්ශනයක් සිදු කර වැඩිදුර වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ – කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.
සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදා හැර සිටින සැකකරු නඩුව කැදවූ අවස්ථාවේ අධිකරණය හමුවේ පෙනී සිටි බව සදහන්.
සැකකරුගේ රන් භාණ්ඩ සහ ඉඩම් අධිකරණ භාරයේ පවතින බවයි හිරු අධිකරණ වාර්තාකරු සදහන් කළේ.

source :- https://tinyurl.com/bdeftcpz







