
කුඩාවැල්ල ධීවර වරායෙන් මුහුදු ගිය ධීවරයින් තුන්දෙනෙකු දින 4ක සිට අතුරුදන්ව සිටිනවා.
ඥාතීන් පවසන්නේ, ඔවුන් සමඟ සන්නිවේදන කටයුතු සිදු වූ එකම මාර්ගය වන ජංගම දුරකථන සබඳතා ද විසන්ධි වී ඇති බවයි.
මිහින්දි නැමැති මෙම ධීවර යාත්‍රාව පසුගිය 21 වැනිදා පස්වරු 1.30ට පමණ මුහුදු ගොස් තිබුණේ යාත්‍රාවේ ස්කීපර්වරයා සහ තවත් ධීවරයින් දෙදෙනෙකු ද සමගයි.

මොවුන් කුඩාවැල්ල ප්‍රදේශයේම පදිංචිකරුවන්.
හිරු ප්‍රවෘත්ති කළ විමසීමකදී නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය පැවසුවේ, අදාළ යාත්‍රාව පිළිබඳව ගුවනින් සොයා බලන ලෙසට ගුවන් හමුදාවෙන් ඉල්ලීමක් කළ බවයි.
එමෙන්ම, අතුරුදන් වූ ධීවර යාත්‍රාව සෙවීමේ ක්‍රිෂාන් පුතා නැමති යාත්‍රාව ඇතුළුව ධීවර යාත්‍රා 3ක් මේ වන විට පිටව ගොස් තිබෙනවා.
source :- https://tinyurl.com/yzw3uzdp







