Tuesday, April 21, 2026

විදේශීය පුවත්

මගී යාත්‍රාවක නාවික හමුදා බෝට්ටුවක් ගැටේ

ඉන්දීය නාවික හමුදා බෝට්ටුවක් ඉන්දියාවේ මුම්බායි වෙරළට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී මගී ප්‍රවාහන යාත්‍රාවක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මියගිය පුද්ගලයින් අතර ඉන්දීය නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙකු ද වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. අදාළ නාවික...

හොන්ඩා සහ නිසාන් සමාගම් සාකච්ඡා අරඹයි

ලොව සුපතල ජපන් මෝටර් රථ සමාගම් දෙකක් වන හොන්ඩා සහ නිසාන් සමාගම් ඒකාබද්ධ කර නව සමාගමක් පිහිටුවීම වෙනුවෙන් සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. ටෙස්ලා සහ චීන විද්‍යුත් මෝටර් රථ සමාගම් විසින් එල්ල කරනු ලබන දැවැන්ත අභියෝගයන්ට මුහුණදීම මෙහි අරමුණයි. කෙසේ වෙතත් ,අදාළ...

Shenzhou 19 ගගනගාමීන් මෙහෙයුම අවසන් කරයි

චීනයේ Shenzhou 19 අභ්‍යවකාශ යානයේ ගගනගාමී කණ්ඩායම යානයෙන් පිටත පැය 9ක් පුරා සිදු කළ පළමු ක්‍රියාකාරකම ඊයේ (17) රාත්‍රීයේ සාර්ථකව නිම කළ බව දැනුම් දී තිබෙනවා. එය චීන ගගනගාමීන් අභ්‍යවකාශ යානයෙන් පිටත සිදු කළ ක්‍රියාකාරකම්වල කාල සීමාව පිළිබඳ නව වාර්තාවක්...

මේරිලන්ඩ් හි බැල්ටිමෝර් ප්‍රාන්තයේ සිදුවූ වෙඩි තැබීමකින් අයෙකු ජීවිතක්ෂයට

අමෙරිකා එක්සත් ජනපදයේ මේරිලන්ඩ් හි බැල්ටිමෝර් ප්‍රාන්තයේ සිදු වූ සමූහ වෙඩි තැබීමකින් එක් අයෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම වෙඩි තැබීම නිසා තවත් නව දෙනෙකු තුවාල ලබා තිබෙන බවයි මාධ්‍ය වාර්තා කරන්නේ. අවමංගල්‍යයක් පැවති නිවසක මෙම වෙඩි...

රුසියානු න්‍යෂ්ටික අවි ප්‍රධානියාගේ ඝාතන සැකකරු එලියට

රුසියාවේ න්‍යෂ්ටික ආරක්ෂණ බලකායන් භාරව සිටි හමුදා ප්‍රධානී ලු‍තිනන් ජනරාල් අයිගෝර් කිරිලොව්ගේ ඝාතනය පිටුපස යුක්රේන ආරක්ෂක අංශ සිටින බවට අනාවරණ වී තිබෙනවා. මියගිය හමුදා ප්‍රධානියා සිය සහයකයා සමග ඔහු රැදී සිටි මහල් නිවසින් පිටතට පැමිණෙන අවස්ථාවේ අසළ නවතා තිබූ පුපුරණ...

චීනය සහ ඉන්දියාව අතර තීරණාත්මක සාකච්ඡාවක්

ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් සහ චීනයේ විදේශ අමාත්‍ය වැන්ග් යී අතර හමුවක් සංවිධාන කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව එම මාධ්‍ය වාර්තා පවසන්නේ, දෙරටේ ඉහළ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් දෙදෙනා හෙට දිනයේ දී හමුවනු ඇති බවයි. ඊට...

(Mother of Trees) දිවි හැර යයි

කීර්තිමත් පරිසරවේදියෙකු සහ පද්ම ශ්‍රී සම්මානලාභී "වෘක්ෂ මාතේ" (Mother of Trees) ලෙසින් හඳුන්වනු ලබන තුල්සි ගෞඩා මිය ගොස් තිබෙනවා. ඉන්දියාවේ, කර්නාටක ප්‍රාන්තයේ උත්තර කන්නඩ දිස්ත්‍රික්කයේ අංකෝලා තලූක්හි පිහිටි හොනාලි ගම්මානයේ පිහිටි ඇයගේ නිවසේ දී ඈ මිය යන විට 86 වැනි...

ජර්මන් චාන්සලර්වරයා විශ්වාසභංග යෝජනාවෙන් පරාජයට

ජර්මන් චාන්සලර් ඕලාෆ් ෂෝල්ස්ටර් එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංගයෙන් ඔහු පරාජයට පත්ව තිබෙනවා. ඒ සමග ලබන වසරේ පෙබරවාරි මාසයෙදී ජර්මනියේ හදිසි මැතිවරණයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ. ජර්මනියේ සභාග රජයට සහාය ලබාදුන් පක්ෂ මීට මාස දෙකක පමණ පෙරදී...

රුසියානු ආරක්ෂණ හමුදා ප්‍රධානියෙකු ඝාතනය වෙයි

රුසියාවේ න්‍යෂ්ටික, ජීව විද්‍යාත්මක හා රසායනික ආරක්ෂණ හමුදා ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ඉගෝර් කිරිලොව් අද (17) මොස්කව්හි මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉදිරිපිටදී ඝාතනය කර ඇති බව රුසියානු මාධ්‍ය වාර්තා කරනවා. එහිදී විදුලි ස්කූටරයක සඟවා තිබූ බෝම්බයක් පුපුරුවා හැරීමෙන් ඔහු සහ සහායකයා ජීවිතක්ෂයට...

රික්ටර් මාපක 7.4ක ප්‍රබල භූ කම්පනයක්

ඔස්ට්‍රේලියාවට ආසන්නයේ පිහිටි වනවාටු දිවයිනේ පෝට් විලාහි රික්ටර් මාපකයේ 7.4ක භූකම්පනයක් සිදුව තිබෙනවා. මතුපිට සිට කිලෝමීටර 10ක් පොළොව අභ්‍යන්තරයේයි මෙම භූ කම්පනය සිදුවී ඇත්තේ. එමෙන්ම භූ කම්පනයත් සමග සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් කළ බවයි එක්සත් ජනපද සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය...
statistics