කීර්තිමත් පරිසරවේදියෙකු සහ පද්ම ශ්‍රී සම්මානලාභී “වෘක්ෂ මාතේ” (Mother of Trees) ලෙසින් හඳුන්වනු ලබන තුල්සි ගෞඩා මිය ගොස් තිබෙනවා.

ඉන්දියාවේ, කර්නාටක ප්‍රාන්තයේ උත්තර කන්නඩ දිස්ත්‍රික්කයේ අංකෝලා තලූක්හි පිහිටි හොනාලි ගම්මානයේ පිහිටි ඇයගේ නිවසේ දී ඈ මිය යන විට 86 වැනි වියේ පසු වුණා.

1944 දී හැලක්කි ගෝත්‍රික ප්‍රජාවේ උපත ලද තුල්සි ගෞඩා, පරිසර සංරක්ෂණයේ ප්‍රබලයෙකු වන අතර ස්වභාවධර්මය පෝෂණය වෙනුවෙන් සිය ජීවිතයේ දශක හයකට වැඩි කාලයක් කැප කළ තැනැත්තියක්.

ඉන්දියාවේ වනාන්තර දෙපාර්තමේන්තුවේ තවානක දෛනික වැටුප් කම්කරුවෙකු ලෙස සේවය කර ඇති ඇය, වසර ගණනාවක් පුරා, අංකෝලා සහ ඒ ආශ්‍රිත ප්‍රදේශයන්හි ගස් දහස් ගණනක් සිටුවා පෝෂණය කිරීමේ ගෞරවයට පාත්‍ර වී ඇති අතර උද්‍යෝගිමත් සහ දැනුවත් සංරක්‍ෂකවරියක් බවට පත්ව වුණා.

ශාක පිළිබඳ සුවිශේෂී දැනුමකින් යුතු ඇය “පැලෑටි විශ්වකෝෂය” යන නමින් ද හඳුන්වා දී ඇති අතර, ඇය කලාපයේ වන වගා ප්‍රචලිත කිරීම සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දෙමින් ඒවායේ පැවැත්ම තහවුරු කළ තැනැත්තියක්.

පාරිසරික තිරසාරත්වය සඳහා වූ ඇයගේ කැපවීම ඉන්දියාවේ ජාතික ඇගයීමට ලක් වූ අතර 2021 දී, ඇය විසින් පරිසරයට කළ විශිෂ්ට දායකත්වය අගයමින් ඉන්දියාවේ ඉහළම සිවිල් සම්මානවලින් එකක් වන පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබුවා.

පද්ම ශ්‍රී සම්මානයට අමතරව, ඇය ධර්වාඩ් කෘෂිකාර්මික විශ්වවිද්‍යාලයෙන් ගෞරව ආචාර්ය උපාධියක් සහ කීර්තිමත් ඉන්දිරා ප්‍රියදර්ශනී වෘක්ෂ මිත්‍ර සම්මානය ඇතුළු තවත් සම්මාන කිහිපයක් ලබා තිබෙනවා.

එවන් ගෞරව බුහුමානයට පත් තුල්සි ගෞඩාගේ අභාවය සම්බන්ධයෙන් ශෝකය පළ කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සඳහන් කර තිබුණේ, තුල්සි ගෞඩා “පරිසර සංරක්ෂණය සඳහා මාර්ගෝපදේශක ආලෝකයක්” සහ අනාගත පරපුරට “සැබෑ ආශ්වාදයක්” යනුවෙන්.

source :- https://tinyurl.com/4fs2eppm

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here