Tuesday, April 21, 2026

විදේශීය පුවත්

සයිබීරියාවෙන් මැමත් පැටවෙකුගේ දේහයක් සොයාගනී

සයිබීරියාවේ යකුටියා ප්‍රදේශයේ හිමවල තිබී වසර 50,000ක් පමණ පැරණි මැමත් පැටවෙකුගේ දේහයක් රුසියානු විද්‍යාඥයින් විසින් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඔවුන් පවසන්නේ "යානා" ලෙස එම සිරුර නම් කර ඇත්තේ, එය සොයාගත් ගංගා ද්‍රෝණිය අනුව බවයි. කිලෝග්‍රෑම් 100ට (රාත්තල් 15)...

AI ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරට ඉන්දියානුවෙක්

අමෙරිකාවේ ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්, කෘතිම බුද්ධිය (AI) පිළිබඳ ධවල මන්දිරයේ ජ්‍යෙෂ්ඨ ප්‍රතිපත්ති උපදේශක ලෙස ඉන්දියානු - අමෙරිකානු ව්‍යවසායකයෙකු සහ එරට ධනපති ව්‍යාපාරිකයෙකු වන ශ්‍රීරාම් ක්‍රිෂ්ණන් පත්කර තිබෙනවා. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ට්‍රම්ප් කියා සිටියේ, ක්‍රිෂ්ණන්...

ලක්ෂ 9ක සයිබර් ප්‍රහාරයක්

චීන හැකර්වරු සාමාන්‍යයෙන් තායිවානයේ ව්‍යවස්ථාදායක සභාව ඉලක්ක කර මාසයකට සයිබර් ප්‍රහාර 900,000ක් පමණ එල්ල කරන බව තායිවාන ව්‍යවස්ථාදායකයේ තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුව පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. එම දෙපාර්තමේන්තුවේ ප්‍රධානී චෙන් හුයි පින් මේ බව අනාවරණ කර ඇත්තේ තායිවාන ප්‍රජාතන්ත්‍රවාදී...

අමෙරිකා රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසක් සිරියාවට

වසර 10කට පසු ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසක් මේ වන විට සිරියාවට පැමිණ තිබෙනවා. ඇමරිකානු රාජ තාන්ත්‍රිකයින් පිරිසක් මෙලෙස එරටට පැමිණ ඇත්තේ, වසර 10කට පසුව වීම විශේෂත්වයක්. මීට සති කිහිපයකට පෙර දශක දෙකක අසාද් පාලනය බිඳ දමමින් හයාත් තරීර් අල්-ෂාමි හෙවත් එච්...

අමෙරිකාවේ ස්ථාන කිහිපයකින් අභිරහස් ඩ්‍රෝන යානා

අමෙරිකාවේ ස්ථාන කිහිපයකින් මතුවන අභිරහස් ඩ්‍රෝන යානා හේතුවෙන් නිව් ජර්සි ප්‍රාන්තයේ නගර 23ක සහ නිව් යෝර්ක් නගරයේ ප්‍රදේශ 30ක ඩ්‍රෝන ගුවන්ගත කිරීම තහනම් කර තිබෙනවා. මීට පෙරද ප්‍රදේශ කිහිපයකින් අභිරහස් ඩ්‍රෝන යානා මතුවීම හේතුවෙන් තාවකාලිකව ඩ්‍රෝන යානා ගුවන්ගත කිරීම තහනම්...

රුසියාවට 09/11 ප්‍රහාරය සිහිගන්වමින් ඩ්‍රෝන ප්‍රහාර

මීට වසර 23කට පෙර අමෙරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ල වූ සැප්තැම්බර් 11 ප්‍රහාරය යළි සිහිගන්වමින්, රුසියාවේ කසාන් නගරයේ නිවාස සංකීර්ණ ඇතුළු ස්ථාන කිහිපයක් ඉලක්ක කර ඩ්‍රෝන ප්‍රහාර 8ක් එල්ල වී තිබෙනවා. රුසියාව පැවසුවේ, තමන් පසුගිය දිනවල යුක්‍රේනයට එල්ල කළ ඩ්‍රෝන...

ගාසා තීරයේ 17ක් ඊශ්‍රායල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට

ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ රෝහලකට සහ අවතැන් කඳවුරු පාසලකට එල්ල කළ ප්‍රහාරවලින් අද දිනයේත් පුද්ගලයන් 17 දෙනෙකු මියගොස් තිබෙනවා. ඔවුන්ගෙන් අට දෙනෙකු ගාසාහි අවතැන් වූ පවුල්වලට නවාතැන් දෙන පාසලක සිටි ළමයින් වන බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ. ඊශ්‍රායල හමුදාව ප්‍රකාශයක් නිකුත්...

කටාර් රාජ්‍යය වසර 13 කට පසු තානාපති කාර්යාලය විවෘත කරයි

එච්. ටී. එස්. සංවිධානය සිරියාවේ නව පාලනය ස්ථාපිත කිරීමත් සමග කටාර් රාජ්‍යය සිරියාවේ තම තානාපති කාර්යාලය විවෘත කර තිබෙනවා. ඒ, වසර 13 කට පසුවයි. සිරියාවේ අගනගරය වන ඩැමස්කස්හි මෙම තානාපති කාර්යාලය විවෘත කර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ. සිරියාවේ නව පාලනය...

ටික්ටොක් ඇල්බේනියාවට තහනම්

ඇල්බේනියානු රජය විසින් සමාජ මාධ්‍යයක් වන ටික්ටොක් යෙදුමට වසරක තහනමක් පනවා තිබෙනවා. ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ සමාජ මාධ්‍යවල ඇති වූ බහින්බස්වීම් හේතුවෙන් පසුගිය නොවැම්බර් මාසයේ වයස අවුරුදු 14 ක පිරිමි ළමයෙකු පාසලක සිදුකළ පිහි ඇනුම් සිද්ධියක් පිළිබදව අවධානය යොමු...

සිරියාව ලෝකයට තර්ජනයක් නොවන බව අහමඩ් අල්-ෂාරා පවසයි

සිරියාව ලෝකයට තර්ජනයක් නොවන බව එරට නව නායක අහමඩ් අල්-ෂාරා පවසනවා. බී.බී.සී. ලෝක සේවය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ රට මේ වනවිට යුද්ධයෙන් හෙම්බත් වී ඇති බවයි. කෙසේවෙතත් සිය රට අසල්වැසි රාජ්‍යයන්ට හෝ බටහිර ලෝකයට තර්ජනයක් නොවන බවද...
statistics