සිරියාව ලෝකයට තර්ජනයක් නොවන බව එරට නව නායක අහමඩ් අල්-ෂාරා පවසනවා.

බී.බී.සී. ලෝක සේවය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ රට මේ වනවිට යුද්ධයෙන් හෙම්බත් වී ඇති බවයි.

කෙසේවෙතත් සිය රට අසල්වැසි රාජ්‍යයන්ට හෝ බටහිර ලෝකයට තර්ජනයක් නොවන බවද ඔහු තවදුරටත් අවධාරණය කළා.

නව පාලනය යටතේ ජාත්‍යන්තරය දැනට පනවා ඇති සම්බාධක ඉවත් කරනු ඇති බවට ඔහු අපේක්ෂා පළ කර තිබෙනවා.

වින්දිතයන්ට සහ පීඩිතයන්ට එකම ආකාරයෙන් නොසලකන ලෙසටයි ඔහු ඉල්ලා සිටියේ.

source :- https://tinyurl.com/yck6t6ws

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here