රුසියාවේ න්‍යෂ්ටික ආරක්ෂණ බලකායන් භාරව සිටි හමුදා ප්‍රධානී ලු‍තිනන් ජනරාල් අයිගෝර් කිරිලොව්ගේ ඝාතනය පිටුපස යුක්රේන ආරක්ෂක අංශ සිටින බවට අනාවරණ වී තිබෙනවා.

මියගිය හමුදා ප්‍රධානියා සිය සහයකයා සමග ඔහු රැදී සිටි මහල් නිවසින් පිටතට පැමිණෙන අවස්ථාවේ අසළ නවතා තිබූ පුපුරණ ද්‍රව්‍ය අඩංගු යතුරු පැදියක් පුපුරුවා හැරීමෙන් මෙම ඝාතනය සිදු කරනු ලැබුවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඊට සම්බන්ධ වූවන් දුරස්ථ පාලකයක් උපයෝගී කරගනිමින් මෙම පුපුරුවාහැරීම සිදු කර ඇති බවයි.

ලු‍තිනන් ජනරාල් අයිගෝර් කිරිලොව් රුසියා – යුක්රේන යුද්ධය ආරම්භ වීමෙන් පසු සටන් කලාපයෙන් පිටත ඝාතනයට ලක්වූ රුසියාවේ ජ්‍යෙෂ්ඨම හමුදා නිලධාරීයා ද වනවා.

source :- https://tinyurl.com/57jhamnj

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here