
ජර්මන් චාන්සලර් ඕලාෆ් ෂෝල්ස්ටර් එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංගයෙන් ඔහු පරාජයට පත්ව තිබෙනවා.
ඒ සමග ලබන වසරේ පෙබරවාරි මාසයෙදී ජර්මනියේ හදිසි මැතිවරණයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
ජර්මනියේ සභාග රජයට සහාය ලබාදුන් පක්ෂ මීට මාස දෙකක පමණ පෙරදී ඉන් ඉවත් වීමත් සමග ජර්මානු රජය බිඳ වැටීමට ලක් වූ අතර, එරට මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ ලබන වසරේ සැප්තැම්බර් මාසයේදීයි.

පවතින ආර්ථික හා ගෝලීය අර්බුදය හමුවේ ජර්මනියේ දේශපාලනය දැඩි අස්ථාවරත්වයට මුහුණ දී සිටිනවා.
source :- https://tinyurl.com/ybewne2p








