ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් සහ චීනයේ විදේශ අමාත්‍ය වැන්ග් යී අතර හමුවක් සංවිධාන කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව එම මාධ්‍ය වාර්තා පවසන්නේ, දෙරටේ ඉහළ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් දෙදෙනා හෙට දිනයේ දී හමුවනු ඇති බවයි.

ඊට සහභාගී වීම සඳහා ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් චිනයට යාමට නියමිත බවත් හමුව බීජිං නුවර පැවැත්වෙනු ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මෙම ඉන්දු – චීන ඉහළ මට්ටමේ රැස්වීමේදී දෙරටේ සැබෑ පාලන රේඛාවේ (LAC) හමුදා විසුරුවා හැරීමෙන් පසු දිගුකාලීන දේශසීමා තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි පැවසෙන්නේ.

මෙම සංචාරය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසා තිබුණේ, දෙපාර්ශවය දේශසීමා ප්‍රදේශවල සාමය සහ සන්සුන්භාවය කළමනාකරණය කිරීම පිළිබඳව සාකච්ඡා කර “සාධාරණ සහ අන්‍යෝන්‍ය වශයෙන් පිළිගත හැකි” විසඳුමක් ගවේෂණය කරන බවයි.

source :- https://shorturl.at/8HYw7

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here