Wednesday, April 22, 2026

දේශීය පුවත්

ව්‍යාජ ලේඛන වාහන තුනක් හමුවෙයි

කිරිවත්තුඩුව ප්‍රදේශයේදී නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී ව්‍යාජ ලේඛන භාවිත කරමින් ධාවනය කළ පෙජරෝ වර්ගයේ රථයක් ගරාජයක අලුත්වැඩියා කටයුතු සිදුකරමින් තිබියදී අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා. ඒ අනුව එම පෙජරෝ රථය සමග ගරාජ් හිමිකරුද අත්අඩංගුවට ගත් බවයි එම...

ආයෝජන මණ්ඩලයට අදානි සමාගමෙන් ලිපියක්

පුනරින් සහ මන්නාරම යන ප්‍රදේශවල අමෙරිකානු ඩොලර් බිලියනයක පමණ ආයෝජනයකින් සිදු කිරීමට නියමිතව තිබූ සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියෙන් ඉවත් වීමට අදානි ග්‍රීන් එනර්ජි සමාගම ගෙන ඇති තීරණය පිළිබදව එම සමාගම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් වෙත ලිපියකින්...

අස්වැසුම දීමනාව ගැන දැනුම්දීමක්

අස්වැසුම පවුල්වල වයස අවුරුදු 70 ඉක්ම වූ අඩු ආදායම්ලාභී වැඩිහිටියන් සඳහා ලබාදෙන රු.3,000ක මාසික දීමනාව සෘජුවම අස්වැසුම ගිණුම්වලට ගිණුම්ගත කරන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය නිවේදනය කරනවා. ඒ අනුව, අස්වැසුම් පවුල් වල සිටින වැඩිහිටියන් හැර මෙතෙක්...

මෙතෙක් පැවැති විදුලි කප්පාදුව අවසන්

නොරොචෝලේ ලක්විජය බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් මේවන විට ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්යමණ්ඩලය විසින් කටයුතු කර ඇති අතර, ඒ අනුව මෙතෙක් පැවැති විදුලි කප්පාදුව අවසන් වෙනවා. එසේම එහි ඉතිරි ජනන යන්ත්‍ර දෙක ඉදිරි දින කිහිපය තුළ...

”කුෂ්” සමග අයෙක් පොලිස් දැලේ

රුපියල් එක් කෝටි අසූ ලක්ෂයක් පමණ වටිනා ''කුෂ්'' මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ ඉන්දීය ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ අත්අඩංගුවට ගත් මොහු 38 හැවිරිදි තමිල්නාඩු ප්‍රාන්තයේ පදිංචි බස් රථ...

නව කුලපතිවරයෙක් පත්වූ රජරට විශ්වවිද්‍යාලය

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස ආචාර්ය, පූජ්‍ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමියන්ව පත් කර තිබෙනවා. ඒ ඉදිරි වසර 05ක කාලයක් දක්වා වන අතර, එම පත්කිරීම සිදුකර ඇත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින්. 1985 අංක 07 දරන පනතින් සංශෝධිත 1978 අංක 16 දරන...

ඉන්දියාවෙන් ආනයනය කෙරූ රතු රෝස

මෙවර ආදරවන්තයන්ගේ දිනයට අවශ්‍ය රතු රෝස මල් ඉන්දියාවෙන් ආනයනය කිරීමට සිදු වූ බව වෙළදුන් පවසනවා. ඉල්ලු‍මට සරිලන පරිදි සැපයුම ලබාදීමට නොහැකිවීම හේතුවෙන් මෙලෙස රෝස මල් ආනයනය කිරීමට සිදුවූ බවයි ඔවුන් පවසන්නේ. වෙළදුන් සඳහන් කරන්නේ මෙරට බොහෝ රෝස මල් පෙනුමෙන් කුඩා වීමත්,...

සහල් පාලන මිල අනිවාර්යයි

සහල් සඳහා නිකුත් කර ඇති ගැසට් නිවේදනයේ සඳහන් පාලන මිලටම වෙළෙඳපොළේ සහල් අලෙවි කළ යුතු බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසනවා. එහි සභාපති හේමන්ත සමරකෝන් කොළඹ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සදහන් කළේ එසේ සිදු නොකළහොත් නීතිමය පියවර ගන්නා බවයි. මේ අතර...

විදුලි කප්පාදුවක් අද සිට සිදු නොවේ

අද සිට විදුලි කප්පාදුවක් සිදු නොකරන බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා. පසුගිය ඉරිදා දිවයින පුරා සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම හේතුවෙන් නොරොච්චෝලේ ලක්විජය ගල්අඟු‍‍‍රු බලාගාරයේ ජනන යන්ත්‍ර තුනම අක්‍රිය වුණා. ඒ අනුව දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදු කිරීමටයි පියවර ගැනුණේ. කෙසේ වෙතත් ඊයේ...

ග්‍රෑන්ඩ්පාස් ඝාතනවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට

මිනුවන්ගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පසුගිය 07 වැනිදා ගිනි අවියකින් වෙඩි තබා වයස අවුරුදු 35ක් වන ගල්ඔළුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් විමර්ශනයක් ආරම්භ කර තිබුණා. ඒ...
statistics