Friday, June 19, 2026
Home දේශීය පුවත්

දේශීය පුවත්

රැකියා අපේක්ෂකයින්ට එන දුරකතන ඇමතුම් ගැන දැනුම් දීමක්

ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයේ රැකියා සඳහා ලියාපදිංචිය වී සිටින අපේක්ෂකයන්ට යළි මුදල් ලබා දෙන්නැයි පවසමින් ලැබෙන දුරකතන ඇමතුම් අතර කිසිදු සම්බන්ධයෙන් නොමැති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. එම කාර්යාංශය කියා සිටියේ මේ වන විට ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයේ රැකියා සඳහා ලියාපදිංචිය...

පොලිස් සැරයන්වරයකු රෝහල් සේවිකාවකට කළ දේ

අම්පාර පොලිස් රෝහලේ සේවිකාවකට ලිංගික අතවර සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම රෝහලේ හෙද සහයකවරයෙකු වශයෙන් කටයුතු කරන සැරයන්වරයෙක් බවයි අම්පාර පොලිසිය පවසන්නේ. රෝහලේ, බහු කාර්ය නිලධාරිණියක ලෙස කටයුතු කළ සේවිකාව පසුගිය සැප්තැම්බර් මස...

විදුලි කප්පාදුවේ වේලාවන්

ලංකා විදුලිබල මණ්ඩලයේ (CEB) වෙබ් අඩවියෙන් විදුලි කප්පාදුවේ වේලාවන් සහ කලාප දැනගැනීමේ හැකියාව පවතිනවා. එසේ නොමැතිනම්, අදාළ පාරිභෝගික ගිණුම් අංකය සමඟ කෙටි පණිවිඩයක් 1987 ක්ෂණික ඇමතුම් අංකයට යැවීමෙන්ද ඒ බව දැනගත හැකියි. මේ අනූව www.ceb.lk වෙබ් අඩවියෙන් වැඩි විස්තර ලබාගත හැකි...

පොලිසියෙන් ශිෂ්‍යත්ව ප්‍රශ්න පිටවීමට අදාලව විශේෂ දැනුම්දීමක්

පසුගිය දා පැවති 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට කලින් පිටවූ බවට තහවරු වී ඇති ප්‍රශ්න 03ට අමතරව තවත් ප්‍රශ්න පිටවී ඇත්නම් ඊට අදාළ ප්‍රමාණවත් සාක්ෂි සමග පැමිණිලි කිරීමේ හැකියාව පවතින බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව සඳහන්...

සිනමන් ලයිෆ් සුපිරි තරු හෝටලය හෙට විවෘත වෙයි

Cinnamon Life at City of Dreams Sri Lanka සුඛෝපභෝගී හෝටලය හෙට (15) විවෘත කෙරෙනවා. ඩොලර් බිලියන 1.2කට වැඩි මුදලක් ආයෝජනය කරමින් ඉදි කරන ලද මෙය ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම ආයෝජනය ලෙසයි වාර්තා වන්නේ. මෙහිදී හෝටල් පහසුකම, ව්‍යාපාර, විවේකය, මෙන්ම විනෝදාස්වාදය...

හිටපු මන්ත්‍රී ජයන්ත දිවි සැරිය නිම කරයි

බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ජයන්ත ද සිල්වා අභාවප්‍රාප්ත වී තිබෙනවා. අභාවප්‍රාප්ත වන විට ඔහු 78 වන වියේ පසුවිය. ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා අද උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයෙන් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසි ජයන්ත ද සිල්වා මහතා දශක...

පීඩාවට පත් වූවන්ට සහන සැලසීම ගැන දැනුම් දීමක්

පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සලසන ලෙස ජනාධිපතිවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබෙනවා. පවතින ආපදා තත්වයෙන් පීඩාවට පත් වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි පිරිසිදු ආහාර වේල් 03ක් හා පානීය ජලය ද අවශ්‍යතාව පරිදි නිසි වේලාවට සැපයීමට...

සිරමැදිරියක් තුළින් ජංගම දුරකථනයක් සොයාගැනේ

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ සිරමැදිරියක් තුළ තිබී ජංගම දුරකථනයක්, ඩේටා කෙබල් එකක්, චාජරයක් සහ සිම්පතක් ඊයේ (02) සොයා ගෙන ඇති බව විශේෂ කාර්ය බලකාය සඳහන් කරනවා. විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් එම බන්ධනාගාරයේ විශේෂ අංශයේ සිරමැදිරියක් පරීක්ෂාවට ලක් කර...

විනිසුරු නිල කාමරයේ ගිනි අවියක් පත්තු වෙයි

අනුරාධපුර අතිරේක මහෙස්ත්‍රාත් විනිසුරු නිල කාමරයේ ගිනි අවියක් පත්තු වී ඇති බව පොලිස් මාධ්‍ය කාර්යාලය පවසනවා. හිරු නිව්ස් කල විමසීමකදී පොලිස් මාධ්‍ය කාර්යාලය කියා සිටියේ ඊයේ පස්වරුවේ අනුරාධපුර අතිරේක මහෙස්ත්‍රාත් විනිසුරු නිල කාමරයේ දී මෙම ගිනි අවිය ක්‍රියාත්මක වී ඇති...

පැය දෙකහමාරකට පසු නාමල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් යයි

පැය දෙකහමාරකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට පැමිණ තිබෙනවා. 2010 - 2015 කාල සීමාව තුළ තමන්ට ලැබුණු මුදල් පිළිබඳ නිර්නාමික ලැබී ඇති පැමිණිල්ලකට අනුව තමන්ව මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත...
statistics