පැය දෙකහමාරකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට පැමිණ තිබෙනවා.

2010 – 2015 කාල සීමාව තුළ තමන්ට ලැබුණු මුදල් පිළිබඳ නිර්නාමික ලැබී ඇති පැමිණිල්ලකට අනුව තමන්ව මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇති බවයි ඔහු ඉන් පිටතට පැමිණ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ.

එහිදී අදහස් දැක්වූ හිටපු මන්ත්‍රීවරයා මෙසේද සඳහන් කර තිබෙනවා,

”සාමාන්‍යයෙන් අපේ රටේ දේශපාලන සංස්කෘතිය තමයි ආණ්ඩු මාරු වෙනකොට අනිත් ආණ්ඩුවේ හිටපු අය ගෙන්වලා ප්‍රශ්න කරන එක. අපිට එන්න කිව්වාම අපි එනවා. මේක මැතිවරණ කාලසීමාවක්, අද නුවර රැස්වීමක් තිබුණා. ඒත් මම හිතුවා ඒ පරීක්ෂණ කටයුතුවලට සහයෝගය ලබා දීම තමයි අපි කළ යුතු කාරණය. මොකද විශේෂයෙන්ම අපිට එල්ල වෙලා තියෙන චෝදනා මේ රටේ ජනතාවට අවබෝධයෙන් බොරු කියලා අපි කෙරෙහි වැරදි චිත්‍රයක් මවලා තියෙනවා.

අද නම් එන්න කියලා තියෙන්නේ 2010 – 2015 කාලසීමාවේ මගේ කාර්යාලයට ඇවිල්ලා සල්ලි තියල ගිහිල්ලලු එක මහත්තයෙක් කියලා කියනවා. නිර්නාමික පැමිණිල්ලක්. ඉතින් ඒ පිළිබඳව මගෙන් අහනවා. මගේ පැමිණිලි දහස් ගානකට මම මේ යහපාලන ආණ්ඩුව කාලෙත් උත්තර දුන්නා, රිමාන්ඩ වුණා, අධිකරණයේ නඩු පවරලා තියෙනවා නිදොස් කොටු නිදහස් වුණා.

ඉතින් අපි ආණ්ඩුවෙනුත් ඉල්ලන්නේ මේ විදියටම උගන්ඩාව සම්බන්ධයෙන් සීෂෙල්ස් සම්බන්ධයෙන් අපිව ගෙන්නලා අවබෝධයෙන් බොරු කියපු අයගෙත් කට උත්තර ලියාගෙන ඒවා ලෝකයේ තියෙන තැන් දන්නව කියන අයවත් ගෙනල්ලා සාක්ෂි සඳහන් කරලා පරීක්ෂණ කටයුතු කරන්න.”

source :- https://tinyurl.com/y2pcuerk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here