
අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටිමින් බුදු දහමට අපහාස කළේ යැයි චෝදනා එල්ල වූ මහින්ද කොඩිතුවක්කු නැමැත්තා සම්බන්ධයෙන් ගොනුකර ඇති පැමිණිල්ල පවත්වාගෙන යන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් නීතිපති උපදෙස් සදහා නඩුව එළඹෙන නොවැම්බර් මස 20 වැනිදා නැවත කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි අද (24) නියෝග කළාය.
සිද්ධිය සම්බන්ධයෙන් නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සිදු කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය සිදු කර තිබෙනවා.
එම සිද්ධිය සම්බන්ධයෙන් පෞද්ගලිකව නීතිපතිවරයා හමු වී උපදෙස් ලබා ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නාය.

source :- https://tinyurl.com/5n8x8mzz







