ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයේ රැකියා සඳහා ලියාපදිංචිය වී සිටින අපේක්ෂකයන්ට යළි මුදල් ලබා දෙන්නැයි පවසමින් ලැබෙන දුරකතන ඇමතුම් අතර කිසිදු සම්බන්ධයෙන් නොමැති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

එම කාර්යාංශය කියා සිටියේ මේ වන විට ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයේ රැකියා සඳහා ලියාපදිංචිය ඇතැම් අපේක්ෂයන්ට නැවත තවත් රු 14,700 මුදලක් ගෙවන ලෙසට දුරකතන ඇමතුම් ලැබෙන බව වාර්තා වී තිබෙනවා.

එම දුරකතන ඇමතුම්වලට නොරැවටෙන ලෙසත්, ජාවාරම්කරුවන් පවසන බැංකු ගිණුම් වලට මුදල් බැර කිරීමෙන් වළකින ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලාසිටි.

මේ සම්බන්ධයෙන් වැඩි විස්තර සඳහා කෙටි අංක 1989 දුරකතනයෙන් අමතන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය වැඩිදුරටත් පවසා සිටියා.

source :- https://tinyurl.com/5n8fren7

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here