
මිනුවන්ගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පසුගිය 07 වැනිදා ගිනි අවියකින් වෙඩි තබා වයස අවුරුදු 35ක් වන ගල්ඔළුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් විමර්ශනයක් ආරම්භ කර තිබුණා.
ඒ අනුව ඊයේ (13) මිනුවන්ගොඩ, යාගොඩමුල්ල හා දාගොන්න ප්‍රදේශවලදී බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් මෙම අපරාධයට ආධාර අනුබල දුන් සැකකරුවන් තිදෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 17 මිලිග්‍රෑම් 350ක් හා ජංගම දුරකතන 05ක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 24 හා 33 වයස්වල පසුවන යාගොඩමුල්ල හා දාගොන්න ප්‍රදේශවල පදිංචිකරුවන්.

මෙම සැකකරුවන් තිදෙනා වෙඩි තැබීමට පැමිණි සැකකරුවන්ට ඝාතනය සිදු කිරීමෙන් පසු පලා යාමට ආධාර අනුබල දීම, නවාතැන් පහසුකම් ලබා දීම හා කුමන්ත්‍රණය කිරීම, අපරාධයට යොදා ගත් යතුරු පැදිය ව්‍යාජ අංක තහඩු යොදා වැසි අංක මකා දමා තොරතුරු වසන් කිරීම මගින් ආධාර අනුබල දීම යන චෝදනා යටතේයි අත්අඩංගුවට ගෙන ඇත්තේ.
තවද එක් සැකකරුවෙකුට රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණය මගින් විවෘත වරෙන්තු නිකුත් කර ඇති අයෙකු බවටද අනාවරණය වී තිබෙනවා.
බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
මේ අතර, මෝදර, පඥ්ඥානන්ද මාවත ප්‍රදේශයේදී කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් විසින් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 13 මිලිග්‍රෑම් 420ක් සමග සැකකරුවෙකු ඊයේ (13) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 21ක් වන හැදල, වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මෙම සැකකරු 2024.10.16 වැනිදා ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මාදම්පිටිය කනත්ත අසලදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයේ වෙඩික්කරු බවටත්, සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සමීපතයෙකු ලෙස සිටිමින් අපරාධ ක්‍රියාවල නිරත වන අයෙකු බවටත් දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මෝදර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
source :- https://tinyurl.com/mv7hbkbd







