පළාත් පාලන ආයතන ඡන්ද වීමසීම් සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම් දීම සඳහා අද (14) පාර්ලිමේන්තුවේ විශේෂ සභාවාරයක් කැදවා තිබෙනවා.

එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා විසින් සභාවට දැනුම් දෙනු ඇති.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පසුගිය 10 වැනිදා රැස්වීමෙන් අනතුරුව අද පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව කැඳවීමට තිරණය කෙරුණා.

පාළාත් පාලන ඡන්ද විමසීම කඩිනමින් පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර ඇති පසුබිමක ඊට ගරු කිරීමක් ලෙස මැතිවණය තවදුරටත් ප්‍රමාදයකින් තොරව පැවැත්වීමේ අවශ්‍යතාව සභානායකවරයා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී පෙන්වා දී තිබෙනවා.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග වලට අනුව අග්‍රාමත්‍යවරිය විසින් කථානායකවරයාගෙන් කර ඇති ඉල්ලීමක් මතයි අද පාර්ලිමේන්තුව රැස්වීමට තීරණය කර ඇත්තේ.

ඒ අනුව එම පනත් කෙටුම්පත සලකා බැලීම සඳහා අදාළ අමාත්‍යාංශ උපදේශක කාරක සභාව ද අද රැස්වීමට නියමිතයි.

අනතුරුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතට අදාළ දෙවන වර කියවීමේ විවාදය ලබන 17 වැනි සදුදා පස්වරු 2:00 සිට පස්වරු 7:00 දක්වා පැවැත්වීමට ද සැලසුම් කර තිබෙනවා.

විපක්ෂය විසින් පනත් කෙටුම්පතට අදාළව ගෙන එනු ලබන සංශෝධන එදින පෙරවරු 10:00ට පෙර ලබා දෙන ලෙසද දැනුම් දී ඇති බව සදහන්.

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මුදල් අමාත්‍යවරයා ලෙස 2025 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම හෙවත් අයවැය කථාව ඉදිරිපත් කිරීමද පෙර තීරණය කළ පරිදිම 17 වැනි සඳුදා පෙරවරු 10.30ට සිදුකිරීමට නියමිතව තිබෙනවා.

source :- https://tinyurl.com/e5k9xc4w

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here