
ඒ අනුව, එම කාර්යය සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත සකස් කරනු ලැබ ඇති අතර, ඒ සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී ඇත..
එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීම සඳහාත්, ඉන් පසුව එය අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහාත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.








