අද සිට විදුලි කප්පාදුවක් සිදු නොකරන බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

පසුගිය ඉරිදා දිවයින පුරා සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම හේතුවෙන් නොරොච්චෝලේ ලක්විජය ගල්අඟු‍‍‍රු බලාගාරයේ ජනන යන්ත්‍ර තුනම අක්‍රිය වුණා.

ඒ අනුව දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදු කිරීමටයි පියවර ගැනුණේ.

කෙසේ වෙතත් ඊයේ පස්වරුව වන විට අක්‍රීය වූ එම ජනන යන්ත්‍ර යළි පණ ගන්වා තිබෙනවා.

ඒ අනුව මෙලෙස විදුලි කප්පාදුව අවසන් කිරීමට තීරණය කර ඇති බවයි බලශක්ති අමාත්‍යාංශය සදහන් කළේ.

source :- https://tinyurl.com/2vrywrxh

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here