
පාර්ලිමේන්තු කටයුතු පෙබරවාරි 17 වැනිදා පෙ.ව. 10.30 දක්වා කල් තබන බව සභානායක බිමල් රත්නායක පවසනවා.
ඒ අද පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදීයි.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතට අදාළ දෙවන වර කියවීමේ විවාදය එදින පස්වරු 2:00 සිට පස්වරු 7:00 දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

විපක්ෂය විසින් පනත් කෙටුම්පතට අදාළව ගෙන එනු ලබන සංශෝධන එදින පෙරවරු 10:00 ට පෙර ලබා දෙන ලෙසද දැනුම් දී ඇති බව සදහන්.
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මුදල් අමාත්‍යවරයා ලෙස 2025 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම හෙවත් අයවැය කථාව ඉදිරිපත් කිරීමද පෙර තීරණය කළ පරිදිම 17 වැනි සඳුදා පෙරවරු 10.30ට සිදුකිරීමට නියමිතව තිබෙනවා.
source :- https://tinyurl.com/mr389nx5








