
නොරොචෝලේ ලක්විජය බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් මේවන විට ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්යමණ්ඩලය විසින් කටයුතු කර ඇති අතර, ඒ අනුව මෙතෙක් පැවැති විදුලි කප්පාදුව අවසන් වෙනවා.
එසේම එහි ඉතිරි ජනන යන්ත්‍ර දෙක ඉදිරි දින කිහිපය තුළ ක්‍රමයෙන් පද්ධතියට එක් කිරීමට නියමිත බවයි බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ.
මෙම කාලය තුළ විදුලි පාරිභෝගික ජනතාවට සිදු වූ අපහසුතාවය පිළිබඳව කණගාටුව ප්‍රකාශ කරන අතරම, එම කාලය තුළ තත්ත්වය තේරුම්ගෙන ඉවසීමෙන් ක්‍රියා කිරීම සම්බන්ධයෙන් විදුලි පාරිභෝගික ජනතාවට කෘතඥතාවය පළ කරන බවද බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරනවා.

තවද මෙම හදිසි අවස්ථාව තුළ වෙහෙස නොබලා කටයුතු කළ සහ සහයෝගය ලබා දුන් ලංකා විදුලි බල මණ්ඩලයේ කාර්යමණ්ඩලයට සහ වෘත්තිකයන්ටද බලශක්ති අමාත්‍යාංශය කෘතඥතාවය පළකරන බවයි එම අමාත්‍යාංශය පවසන්නේ.
නැවත මෙවන් තත්ත්වයක් රට තුළ ඇති නොවීමට අවශ්‍ය කෙටිකාලීන සහ දීර්ඝ කාලීන පියවර ගෙන ඇති බවත් ඒවා කඩිනමින් සිදුකිරීමට කටයුතු කරන බවත් බලශක්ති අමාත්‍යාංශය වැඩි දුරටත් ප්‍රකාශ කර තිබෙනවා.







