රුපියල් එක් කෝටි අසූ ලක්ෂයක් පමණ වටිනා ”කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ ඉන්දීය ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ අත්අඩංගුවට ගත් මොහු 38 හැවිරිදි තමිල්නාඩු ප්‍රාන්තයේ පදිංචි බස් රථ රියැදුරෙකු බවයි වාර්තා වන්නේ.

තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානයකින් මොහු දිවයිනට පැමිණ තිබුණා.

ඔහු විසින් රැගෙන ආ ගමන් මලු‍ දෙකක් තුළ තිබූ කායවර්ධන ක්‍රීඩකයින් තම මස් පිඩු වර්ධනය කර ගැනීම සදහා භාවිතා කරන අතිරේක පෝෂජනක කිරි පිටි අඩංගු බෝතල් තුළ, තිබී මෙම ”කුෂ්” මත්ද්‍රව්‍ය තොගය සොයා ගත් අතර එහි බර කිලෝ ග්‍රෑම් 01යි ග්‍රෑම් 500ක්.

මේ අතර පොලිස් කොස්තාපල්වරයෙකු විසින් ගල්කිස්ස පොලිස් ස්ථානය සතුව තිබූ ටී. 56 ගිනි අවියක් පැහැර ගෙන ඩුබායි වෙත පලා ගිය බව කියන සිද්ධියට ආධාර කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන සිටි අනෙක් පොලිස් කොස්තාපල්වරයා සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් තුනකට අධික ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.

ඒ ඔහුගෙන් සිදු කළ වැඩි දුර ප්‍රශ්න කිරීම්වලින් අනතුරුවයි.

සැකකාර පොලිස් කොස්තාපල්වරයා සතියක කාලයක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට ද ගල්කිස්ස මහේස්ත්‍රාත් චතුරිකා සිල්වා ඊයේ පොලිසියට අවසර ලබා දුන්නා.

එසේම අත්අඩංගුවට ගත් ඩුබායි වෙත පලාගිය කොස්තාපල්වරයාගේ මව සහ පියා ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි නියෝග කෙරුණේ.

source:- https://tinyurl.com/4y7e7d65

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here