කිරිවත්තුඩුව ප්‍රදේශයේදී නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී ව්‍යාජ ලේඛන භාවිත කරමින් ධාවනය කළ පෙජරෝ වර්ගයේ රථයක් ගරාජයක අලුත්වැඩියා කටයුතු සිදුකරමින් තිබියදී අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා.

ඒ අනුව එම පෙජරෝ රථය සමග ගරාජ් හිමිකරුද අත්අඩංගුවට ගත් බවයි එම කොට්ඨාශය සඳහන් කළේ.

එමෙන්ම, පැපිලියාන ප්‍රදේශයේ දී ව්‍යාජ ලේඛන සහිත සුඛෝපභෝගි ප්‍රාඩෝ රථයක් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය විසින් සිය භාරයට ගෙන ඇති අතර, පිළියන්දල ප්‍රදේශයේදී ද ව්‍යාජ ලේඛන සහිත තවත් වාහනයක් සිය භාරයට ගෙන තිබෙනවා.

මෙම මෝටර් රථ සඳහා ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධති වෙනස් කරමින් ව්‍යාජ ලේඛන සකස් කර ඇති බවටද ව්මර්ශනවලදී කරුණු අනාවරණය වූ බවයි එම කොට්ඨාශය සඳහන් කළේ.

ඒ සම්බධයෙන්ද විමර්ශන සිදුකරන බවත්, පැපිලියාන සහ පිලියන්දල ප්‍රදේශවල දී සිය භාරයට ගත් වාහනවල හිමිකරුවන් සොයා විමර්ශන ක්‍රියාත්මක බවත් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය සඳහන් කළා.

source :- https://tinyurl.com/4uk5acyj

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here