ප්‍රධාන කරුණු කාරණා 10ක් මුල්කරගත් සමගි ජන බලවේගයේ මතය එළිදක්වා ඇති නිසා ඒවා ජනතාවට ගෙන යා යුතු බවත් අද වනවිට රට යන ගමන පැහැදිලි බවත් කාර්යක්ෂම ශක්තිමත් රාජ්‍ය පාලනයක් වෙනුවට මෑත ඉතිහාසයේ බිහි වූ දුර්වලම රාජ්‍ය පාලනය ක්‍රියාත්මක බවත් පෝලිමට විදේශ ආයෝජකයෝ රට අතැර යන බවත් රට තුළ සිදුවන ආයෝජන විනිවිදභාවයෙන් ප්‍රසම්පාදන ක්‍රමවේද අනුව සිදුවිය යුතු මෙන්ම ආයෝජකයන් රඳවා ගන්නත් රජයට හැකිවිය යුතු බවත් 2028වන විට ණය ගෙවන්න ඇති නිසා ඒ ගැන අවධානය යොමු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව කිියා සිටියේ අද (14) සමගි ජන බලවේග මූලස්ථානයේ පැවැති පක්ෂ සාමාජිකයන් සහ ක්‍රියාකාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවකදී.

රට ණය වී ඇති ණය හා පොලි ගෙවන්න නම් ඉහළ ආදායමක් සහ සාර්ව ආර්ථික ඉලක්ක සම්පුර්ණ කර ගත යුතු බවත් එවිට රටක් ලෙස ගොඩ යා හැකි බවත් විපක්ෂ නායකවරයා මෙහිදී සඳහන් කළා.

රජය IMF එක සමග ඇති කරගත් ගිවිසුම මෙන්ම ජාත්‍යන්තර බැදුම්කර හිමියන් සමග ගිවිසුම ගැන කතා කළ ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙන පරිදි ඉලක්ක සමපුර්ණ කලේ නැතිනම් තවත් ණය ප්‍රතිව්‍යුහගතකරනයකට යා යුතු බව පෙන්වා දෙන බවත් මේ ගිවිසුම්වල ඇති දුර්වලතා පවා සමගි ජන බලවේගය පෙන්වා දුන් බවත් පසුගිය රජය කළ වැරදි මේ රජයත් ඉදිිරිට ගෙන යන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නා.

විශේෂඥවරු ගණනාවක් මැත කාලයේ IMF ගිවිසුම ගැන විශ්ලේෂණයක් කර ඇති බවත් එම විශ්ලේෂණයට අනුව IMF ගිවිසුමට ආව රටවලින් 59%ක් දෙවැනි හෝ තෙවැනි ප්‍රතිව්‍යුහගතකරනයකට ගොස් ඇති බවත් මේගැන එළිපිට කතා නොවෙන බවත් අපේ ප්‍රාර්ථතනාව වන්නේ අපි 41% කාණ්ඩයට අයිති විය යුතු බවත් තවත් ණය ප්‍රතිව්‍යුහගතකරනයකට යොමුවීම යනු රටටම විනාශයක් බවත් පටු කරුණු ඉලක්ක කර ගෙන සමගි ජන බලවේගය දේශපාලන වාසි ලබා නොගන්නා බවත් මේ දත්ත ජනතාව දැනගත යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

source :- https://tinyurl.com/522snseh

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here