සහල් සඳහා නිකුත් කර ඇති ගැසට් නිවේදනයේ සඳහන් පාලන මිලටම වෙළෙඳපොළේ සහල් අලෙවි කළ යුතු බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසනවා.

එහි සභාපති හේමන්ත සමරකෝන් කොළඹ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සදහන් කළේ එසේ සිදු නොකළහොත් නීතිමය පියවර ගන්නා බවයි.

මේ අතර ඉදිරියේදී රට තුළ ඇතිවිය හැකි සහල් අර්බුදයක් සම්බන්ධයෙන් අවදානය යොමු කරමින් සිය අස්වැන්නෙන් කොටසක් හෝ රජයට ලබාදීමට ඇතැම් ගොවි සංවිධාන තීරණය කර තිබෙනවා.

මහ කන්නයේ අම්පාර දිස්ත්‍රික්කයේ කුඹුරුවලින් සියයට 35ත් 40ත් අතර ප්‍රමාණයක් මේ වන විට නෙලා අවසන් කර ඇති අතර ගොවීන් පවසන්නේ රජයේ සහතික මිලට වී අලෙවි කිරීමට නොහැකි බවයි.

එවන් පසුබිමක අම්පාර නේවාසික ව්‍යාපෘති කාර්යාලයේදී ඊයේ පැවති ගල්ඔය වම් ඉවුර ගොවි කමිටු රැස්වීමේ දී යෝජනා වී ඇත්තේ සියලු ගොවි සංගම් එකතුවෙන් වී මිළ තීරණය කළ යුතු බවයි.

source :- https://tinyurl.com/5n799eaj

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here