සහල් ගැටලුව සති තුනකින් විසඳනවා
සහල් පිළිබඳව පවතින ගැටලු සති 3ක් පමණ තුළ අවසන් කිරීමට කටයුතු කරන බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා.
නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, වී සඳහා සහතික මිලක් ලබාදීමට රජය කඩිනමින් කටයුතු කරන බවයි.
මේ අතර, වන සතුන් හේතුවෙන්...
නව වසරේ උදාවත් සමග විදෙස් සංචාරකයින් 40,000ක්
මෙම මාසයේ මුල් දින 05 තුළ විදෙස් සංචාරකයින් 40,000 කට ආසන්න ප්‍රමාණයක් දිවයිනට පැමිණ තිබෙනවා.
ඒ අනුව, පසුගිය 05 වනදා වන විට සංචාරකයින් 39, 415 ක් පැමිණ ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළේ.
ඉන් වැඩිම සංඛ්‍යාවක් රුසියානුවන් වන අතර එම...
ගොවීන්ට වන්දි 90%ක් ගෙවා අවසන්
2024 යල කන්නයේ වන්දි ගෙවීම්වලින් 90%ක් දැනටමත අවසන් කර ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.
අදාල වන්දි මුදල් නිර්දේශිත වූ ඔවුන්ගේ ගිණුම්වලට බැර කිරීමට පියවර ගෙන ඇති බවයි පැවසෙන්නේ.
ඒ අනූව මේ වනවිට ගොවීන් 6,459ක් සඳහා අක්කර 5,246ක් වෙනුවෙන් රුපියල්...
ශ්‍රී ලන්කන් තෝරා ගත් රොනාල්ඩෝ
බ්‍රසීලයේ හිටපු සුපිරි පාපන්දු තරුවක් වන රොනාල්ඩෝ නසාරියෝ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් සිය සංචාරයක් සඳහා යොදා ගෙන තිබෙනවා.
ශ්‍රී ලන්කන් ගුවන් සේවය ඒ බව නිවේදනය කරමින් සඳහන් කරන්නේ, රොනල්ඩෝ සිය ගමන අතරතුර එහි ගමන් ගත් අනෙකුත් මගීන්...
ඖෂධ හේතුවෙන් දෑස් අන්ධ වූ රෝගීන්ට සාදාරනයක්
ඉකුත් සමයේ දී ඖෂධ ගැටලු හේතුවෙන් වාර්තා වූ රෝගීන්ගේ ඇස් අන්ධවීමේ සිද්ධීන්වලට මුහුණ දුන් රෝගීන් වෙනුවෙන් වන්දි ලබා දීමට කැබිනට් මණ්ඩලය තීන්දු කළ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
අද (07) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු තවදුරටත්...
මී උණ රෝගය දුර දිග යයි
මී උණ රෝගය නිසා කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ රෝගීන් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි කිලනොච්චිය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය එන්. විනෝදන් සඳහන් කරනවා.
මෙසේ මියගොස් ඇත්තේ, කිලිනොච්චිය මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි මුලංකාවිල් සහ කණ්ඩාවලෙයි ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවටයි වෛද්‍යවරයා පවසා සිටියේ.
ඔහු...
පෞද්ගලික බස් රථයක ලක්ෂ 15ක මත්පෙති
යාපනයේ සිට හම්බන්තොට බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක මගීන් දෙදෙනෙකු විසින් රැගෙන යමින් තිබූ රුපියල් පහලොස් ලක්ෂයක පමණ වටිනා මත්පෙති තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් ඊයේ (06) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම මත්පෙති ඔවුන් විසින් යාපනයෙන් මිලට ගත්...
ගුවන් යානා 04ක් කටුනායකින් ආපසු හරවා යවයි
කටුනායක ගුවන් තොටුපොළ අවට අද උදෑසන පැවති දැඩි මීදුම් තත්වය හේතුවෙන් ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 04 ක් වෙනත් ගුවන් තොටුපළවල් වෙත යොමු කර තිබෙනවා.
ගුවන්තොටුපළ හිරු වාර්තාකරු සදහන් කළේ, මීදුම් තත්ත්වය හමුවේ ගුවන් නියමුවන්ට , ධාවන පථය නිසියාකාරව නොපෙනීම...
කොන්දොස්තරවරයාට පාපුවරුවේ ගමන් කිරීම තහනම් කරයි
බස් රථ ධාවනය කිරීමේදී කොන්දොස්තරවරයාට පාපුවරුවේ ගමන් කිරීමේ හැකියාවක් නොමැති බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ පවසනවා.
ඒ අනුව, මින් ඉදිරියට පා පූරුවේ ගමන් කරමින් සිටින කොන්දොස්තරවරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා...
වෙඩි තැබීමේ සිද්ධියට සැකකරුවෙකු අත්අඩංගුවට
පසුගිය 04 වැනිදා වැලිගමදී පුද්ගලයින් පස් දෙනෙකුට යතුරු පැදි 03කින් පැමිණි නාඳුනන පිරිසක් විසින් වෙඩි තැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා වලාන රෝහලට ඇතුළත් කිරීමේදී එක් පුද්ගලයෙකු මිය යාමේ සිද්ධියට අදාළ සැකකරුවෙකු මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්...














