පසුගිය 04 වැනිදා වැලිගමදී පුද්ගලයින් පස් දෙනෙකුට යතුරු පැදි 03කින් පැමිණි නාඳුනන පිරිසක් විසින් වෙඩි තැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා වලාන රෝහලට ඇතුළත් කිරීමේදී එක් පුද්ගලයෙකු මිය යාමේ සිද්ධියට අදාළ සැකකරුවෙකු මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (06) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයා වැඩිදුර විමර්ශන සඳහා මාතර පොලිස් ස්ථානය වෙතයි ඉදිරිපත් කර ඇත්තේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, වයස අවුරුදු 24ක් වන වල්ලිවල, වැලිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරුගෙන් අනාවරණය කරගන්නා ලද තොරතුරු මත අපරාධය සිදු කිරීමට භාවිත කළ යතුරු පැදියක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය, වැලිගම හා මාතර පොලිස් ස්ථාන මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

source :- https://tinyurl.com/5ben6xfy

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here