
මෙම මාසයේ මුල් දින 05 තුළ විදෙස් සංචාරකයින් 40,000 කට ආසන්න ප්‍රමාණයක් දිවයිනට පැමිණ තිබෙනවා.
ඒ අනුව, පසුගිය 05 වනදා වන විට සංචාරකයින් 39, 415 ක් පැමිණ ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළේ.
ඉන් වැඩිම සංඛ්‍යාවක් රුසියානුවන් වන අතර එම ප්‍රමාණය 6,481 ක්.

ඉන් අනතුරුව වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ ඇති රටවල් වන්නේ, පිළිවෙළින් ඉන්දියාව, මහා බ්‍රිතාන්‍යය, ජර්මනිය, ඔස්ට්‍රේලියාව සහ ඇමරිකා එක්සත් ජනපදයයි.
මෙම වසරේ සංචාරකයින් ලක්ෂ 30 ක් ගෙන්වා ගැනීම සංචාරක සංවර්ධන අධිකාරියේ අපේක්ෂාව වී තිබෙනවා.
source :- https://tinyurl.com/yz5sd84k







