පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය මගින් සිදුකරන ලද විමර්ශනයන් අනුව සැකකරුවන් 747ක් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.

අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියේ අද පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරය අමතමින්.

එහිදී ඔහු සඳහන් කර සිටියේ මෙවැනි අදහසක්.

”පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය සිදුකරන ලද විමර්ශන අනුව සැකකරුවන් 747ක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සැකකරුවන් හා සැකකාරියන් 100කට මහාධිකරණයේ නඩු 41ක් , මහාධිකරණ නඩු 14ක නීතිපතිතුමා විසින් අධිචෝදනා ගොනුකර ඇති අතර තවදුරටත් පරික්ෂණ සිදුකරමින් පවතිනවා. චැනල් ෆෝ නාලිකාව තුළින් අනාවරණය වූ කරුණුද, ඊට පරිබාහිරව වැඩිදුර පරික්ෂණවලින් අනාවරණය වූ කරුණුද පදනම් කරගෙන තවදුරටත් විමර්ශන සිදුකර ඉදිරි නෛතික කටයුතු සිදුකරනවා”

source :- https://tinyurl.com/2ky88sfh

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here