මී උණ රෝගය නිසා කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ රෝගීන් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි කිලනොච්චිය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය එන්. විනෝදන් සඳහන් කරනවා.

මෙසේ මියගොස් ඇත්තේ, කිලිනොච්චිය මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි මුලංකාවිල් සහ කණ්ඩාවලෙයි ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවටයි වෛද්‍යවරයා පවසා සිටියේ.

ඔහු මේ බව සඳහන් කළේ, කිලිනොච්චිය ප්‍රාදේශීය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින්.

මේ අතර, වව්නියාව දිස්ත්‍රික්කයෙන් ද මී උණ රෝගීන් 50කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට වාර්ථා වී තිබෙනවා.

පසුගිය දිනයන්හි පැවති වැසි සහිත වූ අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් මී උණ රෝගයට අමතරව ඩෙංගු රෝගයද හිස ඒසවීමේ අවධානමක් පවතින බවටයි සෞඛ්‍ය නිලධාරීන් විසින් පෙන්වා දෙන්නේ.

මී උණ හා ඩෙංගු රෝගය පාලනය වෙනුවෙන් මේ වනවිට ග්‍රාමීය මට්ටමේ සිට වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා ඇති අතරම, ඕනෑම අයෙකුට උණක් හෝ සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් ඇත්නම් ළඟම ඇති රෝහලට ගොස් පරික්ෂා කරගන්නා ලෙසටද උතුරේ සෞඛ්‍ය බලධාරීන් විසින් මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

source :- https://tinyurl.com/45v4afb3

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here