යාපනයේ සිට හම්බන්තොට බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක මගීන් දෙදෙනෙකු විසින් රැගෙන යමින් තිබූ රුපියල් පහලොස් ලක්ෂයක පමණ වටිනා මත්පෙති තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් ඊ‍යේ (06) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම මත්පෙති ඔවුන් විසින් යාපනයෙන් මිලට ගත් බව ප්‍රකාශ කොට ඇති අතර කාඩ්බෝඩ් පෙට්ටි හතරක ඒවා
ඉතා සුරක්ෂිතව අසුරා තිබෙනවා.

රාත්‍රී කාලයට ගමන් කරණ බස් රථ දැඩි පරීක්ෂාවට ලක් නොකරණු ඇතැයි යන අපේක්ෂාවෙන් ඔවුන් මෙම මත්පෙති අදාල බස් රථය මගින් ප්‍රවාහනයකර ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම මත්පෙති පාසල් සිසුන් ඉලක්ක කරගෙන අලෙවි කරන මත්පෙති විශේෂයක් වන අතර සැකකරුවන් දෙදෙනා ළග මත්පෙති දස දහසකට වඩා වැඩි ප්‍රමාණයක් තිබී ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හා මත්පෙති තොගය වැඩිදුර පරීක්ෂණ කටයුතු පිණිස වවුනියාව පොලීසිය වෙත බාර දී ඇති අතර පොලීසිය ඔවුන්ව වවුනියාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

source :- https://tinyurl.com/mpkm7kkm

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here