කටුනායක ගුවන් තොටුපොළ අවට අද උදෑසන පැවති දැඩි මීදුම් තත්වය හේතුවෙන් ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 04 ක් වෙනත් ගුවන් තොටුපළවල් වෙත යොමු කර තිබෙනවා.

ගුවන්තොටුපළ හිරු වාර්තාකරු සදහන් කළේ, මීදුම් තත්ත්වය හමුවේ ගුවන් නියමුවන්ට , ධාවන පථය නිසියාකාරව නොපෙනීම හේතුවෙන් එම යානා මත්තල සහ ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ වෙත යොමු කර ඇති බවයි.

ඩුබායි, චීනය, ඉන්දියාව සහ තුර්කියේ සිට පැමිණි ගුවන් යානා මෙලෙස හරවා යවා තිබෙනවා.

කෙසේ වෙතත් මීදුම් තත්ත්වය පහව යාමත් සමග මේ වන විට එම ගුවන් යානා යළි කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බව සදහන්.

source :- https://tinyurl.com/43svccee

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here