කුඩා ගුවන් යානයක් කඩා වැටීමෙන් දෙදෙනෙක් මරුට
දකුණු කැලිෆෝනියාවේ ගොඩනැගිල්ලක් මතට කුඩා ගුවන් යානයක් කඩා වැටීමෙන් දෙදෙනෙකු මියගොස් තවත් 18 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ඩිස්නිලන්තයේ සිට කිලෝමීටර් 10ක් පමණ දුරින් පිහිටි ෆුලර්ටන් නාගරික ගුවන් තොටුපළ ආසන්නයේ මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
යානය කඩා වැටීමත්...
ජනපති අත්අඩංගුවට ගැනීමට පොලිසිය නිවසට යයි
දකුණු කොරියානු හිටපු ජනාධිපති යූන් සොක් යූල් අත්අඩංගුවට ගැනීම සදහා එරට පොලිසිය ඔහුගේ නිවසට ගොස් තිබෙනවා.
එහිදී හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂකයින් සහ පොලිසිය අතර මතභේදාත්මක තත්ත්වයක් ඇති වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මොහු ජනාධිපතිවරයා වශයෙන් සිටි සමයේ යුද නීතිය ක්‍රියාත්මක...
රනිල් ජයවර්ධනට නයිට් පදවියක් පිරිනමා තිබෙ
එක්සත් රාජධානියේ බේසිංස්ටෝක් සහ ඩීන් බෝරෝ කවුන්සිලයේ හිටපු නියෝජ්‍ය නායකයෙකු සහ හිටපු මන්ත්‍රීවරයෙකු වන රනිල් ජයවර්ධනට 2024 අලුත් අවුරුදු ගෞරව ලැයිස්තුවේ නයිට් පදවියක් පිරිනමා තිබෙනවා.
2015 සිට 2024 දක්වා පාර්ලිමේන්තුවේදී ඊසානදිග හැම්ප්ෂයර් නියෝජනය කළ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති රනිල් ජයවර්ධන...
අද සිදුවූ වෙඩි තැබීමකින් අමෙරිකාවේ 11 දෙනෙකුට තුවාල
අමෙරිකාවේ නිව්යෝක් හි කුවින්ස් ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් 11 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
රාත්‍රී සමාජ ශාලාවක් තුළ මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර පුද්ගලයින් දෙදෙනෙකු ඒ සඳහා පැමිණ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එම අවස්ථාවේ, පුද්ලගලින් 80 දෙනෙකු පමණ, එහි...
ට්‍රම්ප් හෝටලය පිටත ආසන්නයේ ටෙස්ලා සයිබර් ට්‍රක් රථයක් පුපුරා යයි
අමෙරිකාවේ නෙවාඩා හි, ලාස් වේගාස් ප්‍රදේශයේ පිහිටි ට්‍රම්ප් හෝටලය පිටත ආසන්නයේ ඉන්ධන කැනිස්ටර් සහ ගිනිකෙළි ද්‍රව්‍ය පිරවූ ටෙස්ලා සයිබර් ට්‍රක් රථයක් පුපුරා ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, එම අනතුරින් රියදුරා මියගිය බවත්, පුද්ගලයින් 07 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත...
ගිනිකෙළි සංදර්ශනයක් අතරතුර දෙදෙනෙකු මරුට
නව වසර පිළිගැනීම වෙනුවෙන් අමෙරිකාවේ සොල්ට්ලේක් ප්‍රාන්තයේ පැවති ගිනිකෙළි සංදර්ශනයක් අතරතුර සිදු වූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් 20 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ, සංදර්ශනයත් සමඟ ඇති වූ ගින්නකින් මෙම අනතුර සිදුව ඇති...
ඇමෙරිකාව සලිත කළ නව වසර උදාවේ සිද්ධියක්
ඇමෙරිකාවේ නිව් ඕර්ලියන්ස්හි නව වසර උදාවේ සැමරුමක් අතරතුර සෙනග අතරට වාහනයක් ධාවනය කර සිදු කළ අනතුරකින් 10 දෙනෙකු මියගොස් 30 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා.
තුවාලකරුවන් රෝහල් 05 ක ප්‍රතිකාර ලබන අතර සැකකරු සම්බන්ධයෙන් තවමත් නිශ්චිත තොරතුරක් ප්‍රකාශ කර නැහැ.
source...
ගොවිපලකින් බෝම්බ 150ක් සොයාගැනේ
ඇමරිකාවේ වරිජිනයා ප්‍රාන්තයේ ගොවිපලකින් බෝම්බ 150ක් ඇතුලු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා.
එරට එෆ්. බී. අයි. රහස් ඔත්තු සේවය සොයා ගත් විශාලම පුපුරණ ද්‍රව්‍ය තොගය මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ගොවිපලේ පතරොම් ගබඩා කර ඇති බවට ලද තොරතුරක් මත මෙම...
ජේජු ගුවන් යානයේ කළු පෙට්ටියෙන් අනාවරණයක්
ඉකුත් දා මගීන් 179කට දිවි අහිමි කරමින් කඩා වැටුණු ජෙජු එයාර් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 වර්ගයේ ගුවන්යානයේ කළු පෙට්ටියක දත්ත ලබා ගැනීම විමර්ශකයින් අවසන් කර ඇති බව දකුණු කොරියාවේ ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අදාළ ගුවන් යානයේ...
පලස්තීනුවන් 17 දෙනෙකු ඊශ්‍රායල ප්‍රහාරයකින් මරුට
නව වසර ආරම්භයේ දී ගාසා තීරයේ සරණාගත කදවුරු දෙකකට ඊශ්‍රායලය එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් 17 දෙනෙකු මියගොස් තිබෙනවා.
උතුරු ජබාලියාවේ සහ මධ්‍යම බුරෙයිජ් සරණාගත කඳවුරුවලට මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඊශ්‍රායල, පලස්තීන යුද්ධය ආරම්භ වූ 2023...














