අමෙරිකාවේ නෙවාඩා හි, ලාස් වේගාස් ප්‍රදේශයේ පිහිටි ට්‍රම්ප් හෝටලය පිටත ආසන්නයේ ඉන්ධන කැනිස්ටර් සහ ගිනිකෙළි ද්‍රව්‍ය පිරවූ ටෙස්ලා සයිබර් ට්‍රක් රථයක් පුපුරා ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, එම අනතුරින් රියදුරා මියගිය බවත්, පුද්ගලයින් 07 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බවයි.

ට්‍රක් රථය කොලරාඩෝ හිදී කුලියට ගෙන ඇති අතර, පිපිරීමට පැය දෙකකටත් අඩු කාලයකට පෙර එම ස්ථානයට පැමිණ තිබෙනවා.

අමෙරිකාවේ නිව්ඕර්ලියන්ස් ප්‍රාන්තයේ බර්බන් ප්‍රදේශයට එක් රැස් වූ පිරිසක් අතරට ට්‍රක් රථයක් කඩා වැදී සිදු වූ අනතුර සහ මෙය අතර සම්බන්ධයක් පවතීද යන්න බලධාරීන් පරීක්ෂා කරමින් සිටින බවයි ලාස් වේගාස් පොලිස් දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

source :- https://tinyurl.com/bdfkcwh7

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here