මහරගම අපේක්ෂා රෝහලේ ඉදිකළ ළමා ඇට මිදුලු බද්ධ කිරීමේ නව ඒකකය අද (02) විවෘත කෙරුණා.

රුහුණු මහා කතරගම දේවාලයේ ධන පරිත්‍යාගයෙන් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් එම ඒකකය ඉදිකර තිබෙනවා.

මහරගම අපේක්ෂා රෝහලේ ඉදිකළ ළමා ඇටමිදුලු බද්ධ කිරීමේ මෙම ඒකකය සඳහා වියදම් කර ඇති මුදල රුපියල් මිලියන 176 කට අධිකයි.

එය මෙරට රජයේ රෝහලක් තුළ ඉදි වූ පළමු ළමා ඇට මිදුලු බද්ධ කිරීමේ ඒකකය ලෙසයි සැලකෙන්නේ.

රෝගී දරුවන්ගේ මව්පියන්ටද එම ඒකකය තුළ නැවතී ප්‍රතිකාර ලබාගැනීමට අවශ්‍ය සියලු පහසුකම් මෙමගින් සලසා තිබෙනවා.

රුහුණු මහා කතරගම දේවාලයට බැතිමතුන් ලබාදුන් ආධාර මුදලින් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකළ එම ඒකකය සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් අද විවෘත කෙරුණා.

වීඩියෝව පහතින්,

source :- https://tinyurl.com/yxwebu8e

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here