
නව වසර ආරම්භයේ දී ගාසා තීරයේ සරණාගත කදවුරු දෙකකට ඊශ්‍රායලය එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් 17 දෙනෙකු මියගොස් තිබෙනවා.
උතුරු ජබාලියාවේ සහ මධ්‍යම බුරෙයිජ් සරණාගත කඳවුරුවලට මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඊශ්‍රායල, පලස්තීන යුද්ධය ආරම්භ වූ 2023 වර්ෂයේ ඔක්තෝබර් 07 සිට 2025 වසර ආරම්භය දක්වා එල්ල වූ ප්‍රහාරවලින් පලස්තීන වැසියන් 45,541 දෙනෙකු මියගොස් 108,338 ක් තුවාල ලබා ඇති බව එම වාර්තාවල වැඩිදුරටත් සදහන්.

source :- https://tinyurl.com/23s9xfcp








