
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකුගේ ප්‍රධානතම ගෝලයා ලෙස හැදින්වෙන හපුන්ත්‍රිගේ දොන් පියුම් හස්තික නොහොත් “පියුමා” ලබන වසරේ ජනවාරි මස 14 තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි නියෝග කළා.
විදේශ ගතව සිටිමින් මෙරට පාතාල කල්ලි සාමාජිකයන් මෙහෙයවීම, මනුෂ්‍ය ඝාතන සිදු කිරීම, මත්ද්‍රව්‍ය ජාවාරම්, සංවිධානාත්මක අපරාධ ක්‍රියාවන් සිදු කරමින් ජාතික ආරක්ෂාවට මහජන සාමයට අවහිර වන ලෙස කටයුතු කළ බවට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති සළිදු මල්ෂික නොහොත් කුඩු සළිදු නැමැති සැකකරුගේ ගෝලයෙකු බව කියන සැකකරුවෙකු වන පියුම් හස්තික යන අය මෙලෙස තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
බන්ධනාගාරය විසින් සැකකරු විවෘත අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය සිදු කළේ.

පියුමා නැමැති සැකකරුට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය මගින් නිකුත් කර තිබූ රතු නිවේදනය ප්‍රකාරව සැකකරු 2024.02.15 වන දින ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට ගෙන එම සදහා දැනුම් දීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ඩුබායි රාජ්‍ය වෙත යොමු කර සැකකරු ගුවන් මගින් කටුණායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල මගින් මෙරටට රැගෙන ඒමෙන් පසු අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කළා.
source :- https://tinyurl.com/ykxth5mj







