දිය නෑමට ගිය විදේශීය ජාතිකයෙකු අතුරුදන්
හික්කඩුව මුහුදු තීරයේ දිය නෑමට ගිය විදේශීය ජාතිකයෙකු ඊයේ (16) සවස් කාලයේ දී දිය වැලකට හසුව ගසාගෙන ගොස් අතුරුදහන්වී ඇති බවට හික්කඩුව පොලිසිය සඳහන් කරනවා.
මෙසේ අතුරුදහන්වී ඇත්තේ වයස අවුරුදු 19ක් වූ කැනඩා ජාතිකයෙක්.
මෙම විදේශිකයා දිය නෑමට ගිය ස්ථානයේ අනතුරු...
කොත්මලේ ජලාශයේ පාවෙන මළ සිරුර
ඉහල කොත්මලේ ජලාශයේ පාවෙමින් තිබු පුද්ගල මළ සිරුරක් අද (15) පස්වරුවේ සොයාගත් බව තලවකැලේ පොලිසිය පවසනවා.
තලවකැලේ තානායමට යාබදව ගලා බසින ඉහල කොත්මලේ ජලාශයේ පුද්ගල මල සිරුරක් පාවෙමින් තිබෙන බවට ප්‍රදේශවාසින් ලබාදුන් තොරතුරක් මත පොලිසිය විසින් සිරුර සොයගෙන ඇති අතර, සිරුර ජලයේ...
ප්‍රදේශ කිහිපයකට ගංවතුර අවදානමක්
ජල පෝෂක ප්‍රදේශයට ඇදහැලෙන වර්ෂාවත් සමග මල්වතු ඔයේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා.
එම නිසා වෙන්ගලචෙඩ්ඩිකුලම්, මඩු, මුසලෙයි සහ නානාත්තන් යන දිස්ත්‍රික් ලේකම් කොට්ඨාසවල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිව ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
මේ අතර, බලපා ඇති වර්ෂාපතනය හමුවේ මෙරට...
ඉදිරියේදී අඩු වෙන සිමෙන්ති
සිමෙන්ති සඳහා පවතින සෙස් බද්ද අඩුකිරීමට මුදල් අමාත්‍යාංශ නිලධාරීහු ගෙන එනු ලැබූ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිව තිබෙනවා.
ඒ අනුව, සිමෙන්ති කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියලක මුදලක් අඩුවන අතර, එමගින් සිමෙන්ති කොට්ටයක මිල රුපියල් සියයකින් පමණ අඩුවන බවයි...
සුනඛයින් රජ වූ පුත්තලම රෝහල
පුත්තලම මූලික රෝහල අයාලේ යන සුනඛයින්ගේ රජ දහනක් බවට පත්ව තිබීම හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන් මෙන්ම එහි කාර්ය මණ්ඩලය ද දැඩි අසීරුතාවකට පත්ව තිබෙනවා.
අප වාර්තාකරු පැවසුවේ, දෙදහසකට ආසන්න රෝගීන් සංඛ්‍යාවක් මෙහි නේවාසිකව ප්‍රතිකාර ලබන අතර, සායනික හා බාහිර...
විදේශ විනිමය ගේන ත්‍රිකුණාමලය තෙල් ටැංකි
නව රජයේ බලශක්ති ප්‍රතිපත්තියට හා වැඩපිළිවෙලට අනුකූලව ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය හරහා රටට විශාල විදේශ විනිමයක් උපයා ගැනීමට කටයුතු කරන බව බලශක්ති අමාන්යය ඉංජිනේරු කුමර ජයකොඩි පවසනවා.
එමෙන්ම ඒ සදහා ලංකා IOC ආයතනය හා ලංකා ඛණිජ තෙල් සංස්ථාව සමග එක්ව...
වාන් දොරටු විවෘත කෙරූ ජලාශ
පවතින අධික වර්ෂාව හේතුවෙන් තවත් ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර තිබෙනවා.
ඒ අනුව අංගමුව ජලාශයේ වාන් දොරටු දෙකම මේවන විට විවෘත කර ඇති අතර රාජංගණය ජලාශයේ විවෘත කළ වාන් දොරටු සංඛ්‍යාව 08 දක්වා ඉහළ දමා ඇති බවයි අප වාර්තාකරුවන්...
සීගිරිය සංසරණය වන ඡායාරූප අසත්‍යයි
ඓතිහාසික සීගිරිය පර්වත බලකොටුව රාත්‍රී කාලයේ සංචාරකයින් සඳහා විවෘත කරන බවට පළ වන වාර්තා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය පැවසුවේ සීගිරිය පර්වත බලකොටුව රාත්‍රී කාලයේ විවෘත කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.
සමාජ...
පියුමා ලබන ජනවාරි මස 29 වැනිදා තෙක් රිමාන්ඩ්
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකුගේ ප්‍රධානතම ගෝලයා ලෙස හැඳින්වෙන හපුන්ත්‍රිගේ දොන් පියුම් හස්තික නොහොත් "පියුමා" ලබන ජනවාරි මස 29 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර අද (15) නියෝග කළා.
විදේශ ගතව සිටිමින් මෙරට පාතාල කල්ලි සාමාජිකයන් මෙහෙයවීම,...
වසර අටක සිරදඬුවම් නියම වූ වෙලේසුදා
හෙරොයින් මත්කුඩු ජාවාරම තුළින් උපයාගත් රුපියල් කෝටි 17කට අධික දේපළ හා මුදල් උපයා ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගොනු කර තිබූ චෝදනාවලට වරදකරු කෙරුණු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ගම්පොළ විධානලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේසුදා, ඔහුගේ බිරිඳ සහ...














